• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඌවවෙල්ලස්ස කැරැල්ලේ වීරවරයන්ට පනවා තිබූ දේශද්‍රෝහී දඬුවම ජනපති නියමයෙන් ඉවතට

He presidentබි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ප‍්‍රකාශයට පත්කරමින් දඬුවම් කරන ලද සිංහල වීරවරයන් දහනමදෙනෙකු අදාළ චෝදනාවන්ගෙන් නිදහස් කරමින් ඔවුන් සියලු දෙනා නිදහස් ශ‍්‍රී ලංකාවක් උදෙසා දේශානුරාගයෙන් සටන් වැදුණු වීරවරයන් ලෙස ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කරන ලදී.

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් මේ ආකාරයට දේශද්‍රෝහීන් ලෙස නම් කර දඬුවම් දෙන ලද්දේ කැප්පෙටිපොල දිසාව, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, කතරගම මහා බෙත්ම රටේරාල, කතරගම කුඩා බෙත්ම රටේරාල, පලංගොල්ල මොහොට්ටාලේ, වත්තෙකාලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙනරාලේ, පොසේරෙවත්තෙ විදානේ, කිවුල‍ෙගෙදර මොහොට්ටාලේ, කළුගමුවේ මොහොට්ටාලේ, උඩුමාදුර මොහොට්ටාලේ, කොහුකුඹුරේ වලව්වේ රටේරාල, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාල, බුටෑවේ රටේරාල, භගිනිගහවෙල රටේරාල, මහ බදුල්ලේ ගම්මානේ රටේරාල, බුළුපිටියේ මොහොට්ටාල, පල්ලේ මල්හේයායේ ගමතිරාලේ යන රණශූරයන් වෙතය.

ඔවුන් වෙත මෙම චෝදනාව එල්ල කර ඇත්තේ 1818 වසරේ ඌවවෙල්ලස්ස කැරැල්ලට නායකත්වය ලබාදීම හේතුවෙන් වන අතර එවකට ලංකාවේ සිටි බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ රොබට් බ‍්‍රවුන්රිග් විසින් 1818 ජනවාරි මස 18 වන දින නිකුත් කරන ලද විශේෂ ප‍්‍රකාශයක් මගින් ඉහත වීරවරයන් සියලු දෙනාම දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබුණි.

දීර්ඝ කාලයක් තිස්සේ තහවුරුවී පැවති බි‍්‍රතාන්‍ය ආණ්ඩුව විසින් නිකුත් කරන ලද එම ප‍්‍රකාශය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් මස 08 වන දින කොළඹදී අත්සන් කරන ලද විශේෂ ප‍්‍රකාශයක් මගින් ප‍්‍රත්‍යාදිෂ්ට කර අවලංගු කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.