• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාව සහ තජිකිස්ථානය අතර ගිවිසුම් අත්සන් කෙරේ

He and thajikisthan presidentශ‍්‍රී ලංකාව සහ තජිකිස්ථානය අතර දේශපාලන, සංචාරක, ක‍්‍රීඩා, ඇගලුම් කර්මාන්ත ඇතුළු ක්ෂේත‍්‍රයන්ට අදාළ සහයෝගීතාව ප‍්‍රවර්ධනය සඳහා ගිවිසුම් අත්සන් කෙරේ.

ව්‍යාපාරික ක්ෂේත‍්‍රය සංවර්ධනය කරගැනීමට තජිකිස්ථානයට ශ‍්‍රී ලංකාවෙන් උගත හැකි පාඩම් බොහෝ තිබෙන බව තජිකිස්ථාන් ජනපති ඉමෝමාලි රාමෝන් මහතා සඳහන් කළේය.

නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින තජිකිස්ථාන ජනාධිපති ඉමෝමාලි රාමෝන් මහතා (Emomali Rahamon)  නියෝජිත පිරිස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ ඊයේ (13) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ ද්විපාර්ශවික සාකච්ඡාවේදී මේ බව සඳහන් කළේය.

හමුදා උත්තමාචාර මධ්‍යයේ තජිකිස්ථාන් ජනාධිපතිතුමා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පිළිගනු ලැබීය.

සංචාරක ව්‍යාපාරය, මැණික් කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය හා ක‍්‍රීඩා ඇතුළු ක්ෂේත‍්‍ර සංවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකාවෙන් උගත හැකි පාඩම් බොහෝ තිබෙන බව සඳහන් කළ තජිකිස්ථාන් ජනාධිපතිතුමා දෙරට අතර පවතින සබඳතා වර්ධනය කරගැනීමේදී තාක්ෂණික හුවමාරුව, තරුණ සංවර්ධනය ආදි ක්ෂේත‍්‍ර පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතු බවද පෙන්වා දුන්නේය.

දෙරට අතර පවත්නා සබඳතා වර්ධනය කරගැනීමේ මුල් පියවර වශයෙන් දේශපාලන , සංචාරක , කායික අභ්‍යාස හා ක‍්‍රීඩා යන ක්ෂේත‍්‍රයෙන් හි සහයෝගීතා වර්ධනයට අදාළ ගිවිසුම් වලට මෙන්ම  සංචාරක ක‍්‍රමෝපායන් හා ජාත්‍යන්තර වෙළෙඳම පිළිබඳ ගිවිසුමක් සඳහා කෙටුම්පතකට ද අද දිනයේ දෙරටේ රාජ්‍ය නායකයින් අත්සන් කළහ.

තමන්ට මෙරටට පැමිණීමට කළ ආරාධනාව සම්බන්ධයෙන් ද ඉමෝමාලි රාමෝන් මහතා සිය ස්තුතිය ශ‍්‍රී ලංකා රජයට පිරිනැමූ අතර තජිකිස්ථානයේ නිල සංචාරයක් සඳහා පැමිණෙන මෙන් ජනාධිපතිතුමාට ද ආරාධනා කර සිටියේය.

ආර්ථික සංවර්ධනය හා අන්තර්ජාතික වෙළෙඳ කටයුතු වර්ධනය කරගැනීමට ශ‍්‍රී ලංකාව කැපවී සිටින බවත් කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීම සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාව හා තජිකිස්ථානය අතර පවතින අරමුණු සමාන වන නමුත් දෙරට අතර පවතින වෙළෙඳාම ප‍්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා තජිකිස්ථානයේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට හා ව්‍යාපාර අවස්ථා හඳුනාගැනීමට විවෘත ආරාධනයක් ද කළේය. එමෙන්ම දෙරට අතර වෙළෙඳ හා ආර්ථික සබඳතා වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, මලික් සමරවික‍්‍රම, හර්ෂ ද සිල්වා, දයාසිරි ජයසේකර, ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ඇසල වීරකෝන් මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.