• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති මැලේසියා නිල සංචාරය අරඹයි

He Malesiyaමැලේසියානු රජයේ විශේෂ නිල ආරාධනය පරිදි තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මැලේසියා වේලාවෙන් ඊයේ (15) පස්වරු 2.10 ට පමණ ක්වාලාලාම්පූර් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

මැලේසියා රජය වෙනුවෙන් එරට මානව සම්පත් සංවර්ධන අමාත්‍ය Dato Sri Richard Riot Anak Jaem මහතා ඇතුළු නියෝජිත පිරිසක් විසින් එහිදී ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.හමුදා උත්තමාචාර සහිතව ඉතා ගෞරවාන්විත අන්දමින් මෙම පිළිගැනීම සිදු විය.

ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා අභිමානවත් අයුරින් පිළිගැනීමට මැලේසියා රජය සියලු කටයුතු සූදානම් කර තිබූ අතර ගුවන් තොටුපොළ පරිශ‍්‍රය දෙරටේ ජාතික ධජවලින් සරසා තිබුණේ දෙරටේ අතීත මිතුදම මැනවින් විදාහ දක්වමිනි.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ මැලේසියා මානව සම්පත් සංවර්ධන අමාත්‍යවරයා අතර සුහද හමුවක් ද ඉන් අනතුරුව ගුවන් තොටුපළ පරිශ‍්‍රයේ දී පැවැත්විණි.

ශී‍්‍ර ලංකාව සහ මැලේසියාව අතර තිබෙන ආර්ථික හා වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීම මෙන්ම නව සබඳතා ගොඩනගා ගැනීම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණයි.

දෙරටේම ආයෝජකයින් සහභාගීවන වෙළඳ සමුළුවක් අද පස්වරුවේ ක්වාලාලාම්පූර් නුවරදී පැවැත්වෙන අතර ඒ සඳහා ද ජනාධිපතිතුමා එක්වීමට නියමිතය.

ශී‍්‍ර ලංකා මැලේසියානු තානාපති සබඳතා අරඹා වසර 60 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සංවත්සර උත්සවය ද අද පස්වරුවේ පැවැත්වෙන්නේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි.ඒ හා සමගාමීව පැවැත්වෙන සංස්කෘතික ප‍්‍රසංගය සහ ආහාර උළෙල නැරඹීමට ද ජනාධිපතිතුමා එක් වෙයි.

සිය තෙදින සංචාරය තුළදී ජනාධිපතිතුමා මැලේසියා රජු වන සුල්තාන් මොහොමඩ් රජු මෙන්ම අග‍්‍රාමාත්‍ය නජිබ්බින් තුන් අබ්දුල්රසාක් මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.