• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරීන් 500කට විශේෂ වැඩමුළුවක් හා පුහුණුවක්

sportsක්‍රීඩා ක්ෂේත්‍රයේ නියුතු නිලධාරීන්ගේ කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩමුළුවක් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවිධානය කර ඇත.

මෙය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරේ. ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන්, පුහුණුකරුවන් ඇතුලු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති සියලු ම නිලධාරීන් මේ සඳහා සහභාගීවීමට නියමිතය.

අද (18) සහ 19 යන දෙදිනත් 20, 21 යන දෙදින තුළදීත් කණ්ඩායම් දෙකක් වශයෙන් පෙ.ව.8.30 සිට මෙම වැඩසටහන කටුකුරුන්ද පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්ය බලකා පුහුණු මධ්‍යස්ථානයේදී  පැවැත්වේ. මෙය නේවාසික වැඩමුළු ලෙසින් ක්‍රියාත්මක කෙරේ.  19 හා 21 යන දෙදින කණ්ඩායම් දෙකෙහි පෙ.ව.11.30 සිට පැවැත්වෙන සමාප්ති උළෙල සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගී වීමට නියමිතය.

ක්‍රීඩා සේවයේ නිලධාරීන් 500 දෙනෙකු සහභාගීවීමට නියමිත මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකයින් ලෙස  ක්‍රීඩා ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන් සම්බන්ධ කර ගැනීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.