• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහජන බැංකුව නව නිල ලාංඡනය සමගින්

people banksශ‍්‍රී ලාංකීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල්කරණයේ පුරෝගාමීත්වය හොබවන මහජන බැංකුව  අනාගතය වෙත පියන`ගන විශ්වාසනීය ගමනක ආරම්භය සනිටුහන් කරමින් සිය නව නිල ලාංඡනය හඳුන්වා දෙයි. මෙම නිල ලාංඡනය හඳුන්වාදීමේ උත්සවය රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය  කබීර් හෂීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක,  මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන,  රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්,  ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා ඇතුළු ආයතනික කළමනාකාරීත්වය,  රජයේ නිලධාරීන්,  බැංකු නිලධාරීන් සහ ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.

මහජන බැංකුව 1961 ආරම්භ කරමින් හඳුන්වාදුන් නිල ලාංඡනය මෙරට කෘෂිකර්මාන්තය පිළිබිඹු  කරන වී කරල්  යුගලයකින්,  එවකට අප රටේ කි‍්‍රයාත්මක වූ විවිධ කර්මාන්ත නියෝජනය කරන දැති රෝදයකිනුත්  ජනතා සහයෝගය නිරූපණය කෙරෙන දෑතකිනුත් සමන්විත විය. එතැන් සිට මහජන බැංකුවේ නිල ලාංඡනය කාලානුරූපීව විවිධ වැඩි දියුණු කිරීම් වලට ලක්වූ අතර,  දැනට භාවිතා වන නිල ලාංඡනය හඳුන්වාදෙනු ලැබුවේ වර්ෂ 2000දීය.

පසුගියදා සිදුකෙරුණු ජනමත සමීක්ෂණයන්ට අනුව මහජන බැංකු නිල ලාංඡනය එහි ඓතිහාසික වටිනාකම සහ අරමුණු රැක ගනිමින් මෙලෙස වැඩිදියුණු කර ඇත.ඒ අනුව,  සිය ගනුදෙනුකාර අපේක්ෂාවන් ලෙස හඳුනාගත් විශ්වාසය,  කාර්යක්ෂමතාවය සහ නව්‍යකරණය යන ක්ෂේත‍්‍රයන් වඩාත් තියුණුව පිළිබිඹු වන පරිදි  එහි පසුබිම් වර්ණය සහ මහජන බැංකුව” යන අක්ෂර පෙළ වඩාත් සුපැහැදිළි සහ ඉහළ දෘශ්‍යමාන භාවයකට පත්කර ඇත. මහජන බැංකු නිල ලාංඡනය මෙවැනි වැඩිදියුණු කිරීමට ලක්වූයේ බැංකුවේ ඩිජිටල්කරණ විප්ලවයට සමඟාමීව ය. මහජන බැංකුවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ තුළින් මෙරට බැංකුකරණයේ නිම් වලලූ පුළුල් වනු ඇත.

එසේම වගකිව යුතු මූල්‍ය ආයතනයක් ලෙස මහජන බැංකුව හරිත අනාගතයක් පිළිබඳ ව සිය අපේක්ෂාවන් උදාවීමේ මාර්ගය සකස් කරමින්  "Peoples Green Pulse”    නමින් නිල පාරිසරික තිරසාරභාවය පිළිබඳ ව ප‍්‍රතිපත්තීන්ද ක‍්‍රියාවට නංවයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.