• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉටුකරන මෙහෙවර අගයා ජනපතිට විශේෂ ජාත්‍යන්තර සම්මානයක්

He presidentශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉටුකරන මෙහෙවර අගයමින් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය ජනාධිපතිතුමා විශේෂ සම්මානයකින් පුදනු ලබයි.

ඊයේ  (19) පස්වරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති උත්සවයකදී ජනාධිපතිතුමා වෙත මෙම සම්මානය පිරිනැමුණු අතර වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිනි මහාචාර්ය Adeera Levin මහත්මිය අතින් එය පිරිනැමිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මෙම සම්මානය ශී‍්‍ර ලංකාවේ අසරණ වකුගඩු රෝගින්ගේ සුබසිද්ධිය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ලැබුණු මහත් ශක්තියක් බවයි. එබැවින් සමස්ත ශ‍්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය වෙත තම ගෞරවය පුද කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

රටේ දුගී දුප්පත් අසරණ ජනතාවට දශක දෙකකට වැඩි කාලයක් පුරා මුහුණදීමට සිදුව ඇති මෙම ව්‍යසනයෙන් ඔවුන් ගලවා ගැනීම සඳහා බොහෝ දුර ගමනක් යා යුතුව ඇති බවද සඳහන් කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් සියලුදෙනාගේ දායකත්වය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජාත්‍යන්තරව දක්වන දායකත්වය අගයමින් මහාචාර්ය Adeera Levin මහත්මිය වෙත සහ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉටු කරන දායකත්වය අගයමින් විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර, වෛද්‍ය ජෝරිජි ඒබ‍්‍රහම්, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ අසේළ ඉද්දවෙල යන මහත්වරුන් වෙත උපහාර තිළිණ පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.අමාත්‍යවරුන් වන රවී කරුණානායක, මහින්ද සමරසිංහ, පාඨලී චම්පික රණවක, ජොන් අමරතුංග, අර්ජුන රණතුංග යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ඇමරිකා එක්සත් ජනපදයේ ශී‍්‍ර ලංකා තානාපති අතුල් කේෂප්, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සන්නාම තානාපති ගොල් ෆේස් හෝටල් සමූහයේ සභාපති සංජීව ගාඩිනර් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.