• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් ගුවන් මගී සමීක්ෂණයේ වාසනාවන්ත ජයග්‍රාහකයා තෝරා ගැනේ

srilankan2016 1ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම  ගුවන් මගීන්ට  අදහස් දැක්වීම සඳහා පැවැත්වූ සමීක්ෂණයට සහභාගී වූ ගුවන් මගීන් අතරින් වාසනාවන්ත ජයග්‍රාහකයෙකු පසුගියදා වාසනාපත් ඇදීමක් තුළින් තෝරා ගන්නා ලදී. 

ගුවන් සමාගමේ අඛණ්ඩ සේවා සහ නිෂ්පාදන වර්ධනය  සඳහා මෙම ගුවන් මගී අදහස් සහ ප්‍රතිචාර විශාල දායකත්වයක් ලබාදෙනු ලැබේ. මේ අනුව 2016 ජූලි මසය සඳහා Interpid සමූහ ආයතනයේ වාණිජ කණ්ඩායම්  ප්‍රධානී මයුරි ශ්‍රී රෝහනන් මහත්මිය  මෙම වාසනාපත් ඇදීමේ වාසනාවන්තිය විය.

 පාරිභෝගික සේවා අත්දැකීම් සහ  තෘප්තිය මැනීම වෙනුවෙන් ගුවන් සමාගම විසින් සිය ගුවන් ගමන් ජාලය පුරාවටම  2011 වසරේ පටන් ගුවන් මගී සමීක්ෂණ පවත්වනු ලබයි. පළමුව ලිඛිත සමීක්ෂණ ලෙස ආරම්භ කර පසුව භාෂා 7ක් දක්වා පරිවර්තනය වී ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් සමීක්ෂණ සිදුකිරීමට ගුවන් සමාගම පහසුකම් සලස්වා ඇත. ඒ අනුව ipads, ජංගම දුරකතන, වෙබ් අඩවිය සහ පාරිභෝගික  ප්‍රතිචාර  කියොස්ක් යන්ත්‍ර තුළින් අදහස් දැක්වීමේ පහසුකම් ගුවන් සමාගම විසින් ගුවන් මගීන්ට  ලබාදී ඇත.

ශ්‍රී රෝහනන් මහත්මිය  මෙම ත්‍යාගය ලබාගන්නා අවස්ථාවේ දී ප්‍රකාශ කර සිටියේ “ 2016 ජූලි මස සඳහා පැවැත්වු ගුවන් මගී සමීක්ෂණයේ වාසනාපත් ඇදීමේ  ජයග්‍රාහිකාව වීම පිළිබඳ තමා  ඉතා සතුටට  පත්වන බවයි. ගුවන් සමාගම විසින්  මගීන්ට සිය  අදහස් දැක්වීම සඳහා මෙවැනි සමීක්ෂණ පැවැත්වීම සහ ඒ සමග ම යම් ප්‍රතිලාභයක් නැවත ගුවන් මගීන්  වෙත ලබාදීම පිළිබඳ ව තමන් ස්තූතිවන්ත වන බවද ඇය කියා සිටියාය. එසේම   ගුවන් සමාගම විසින් ලබාදෙන  උණුසුම් ආගන්තුක සත්කාරය පිළිබඳ ව තමන් ස්තූතිවන්ත වන බවත්  ඉදිරි වසර සඳහා ගුවන් සමාගම වෙත සුභාසිංශන එක්කරන බවද ඇය ප්‍රකාශ කර සිටියාය.

මෙම  මාසික  වාසනාපත් ඇදීමට සුදුසුකම් ලබන්නේ සියලු අනිවාර්ය ප්‍රශ්න වලට  පිළිතුරු සැපයූ ගුවන් මගීන් ය. ශ්‍රී රෝහනන් මහත්මිය  2016 ජූනි මස 25 වන දින UL563 ගුවන් යානයෙන්  ගමන් කිරීමේ දී සම්පූර්ණ කරන ලද  සමීක්ෂණය  වෙනුවෙන් මෙම ජයග්‍රහණය ලබාගත් අතර  ශ්‍රීලංකන් සෘජු ගුවන් ගමන් සිදුකරන  ඇය කැමති ගමනාන්තයක් සඳහා නොමිලේ  ගුවන් ප්‍රවේශ පතක් ගුවන් සමාගම විසින් ප්‍රදානය කර ඇත. ගුවනේ දී ලබාදෙන උණුසුම් ආගන්තුක සත්කාරය  සමගින් ශ්‍රීලංකන්  සිය සේවා සහ නිෂ්පාදන  වර්ධනය කරමින්  ගුවන් මගීන්ට අමරණීය  ගුවන් අත්දැකීමක් ලබාදේ.

ගුවන් සමාගම විසින් පසුගියදා  Future Travel Experience සම්මාන උළෙලේ මධ්‍යම සහ දකුණු ආසියාවේ විශිෂ්ට සමස්ත සේවා ගුවන් සමාගම වශයෙන් ශ්‍රීලංකන් සම්මානයෙන් පිදුම් ලැබීය. මාලදිවයින  සංචාරක සම්මාන උළෙලේදී  ප්‍රමුඛත ම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙසත් ගෝලීය සංචාරක සම්මාන උළෙලේදී 2016 වසරේ  ඉන්දියානු සාගර කලාපය  වෙත  මෙහෙයුම් සිදුකරන ලොව ප්‍රමුඛතම  ගුවන් සේවාව” වශයෙන් පිදුම් ලැබීය.

ගුවන් සංචාරකයන්ගේ ප්‍රියත ම  ගුවන් සේවය  ලෙස ශ්‍රීලංකන්  ඉදිරියෙන් සිටියි.ආසියාවේ නවතම ගුවන් ගමනාන්ත 11ක් වෙත මෙහෙයුම් ව්‍යාප්ත කරමින් ශ්‍රීලංකන් ගෝලීය ගුවන් ජාලයේ  රටවල් 47 ගමනාන්ත 101 දක්වා සිය මෙහෙයුම්  ව්‍යාප්ත කර ඇත. එසේ ම වන්වර්ල්ඩ් ගෝලීය  ගුවන් ගමන් ජාලයේ සාමාජිකයෙකු වශයෙන් ගමනාන්ත  1000ක් වෙත  ශ්‍රීලංකන් සිය මෙහෙයුම්  ව්‍යාප්ත කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.