• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 7,000 ක් නිකුත් කෙරේ

fretilizerමෙවර මහකන්නයේ වී වගාකරන ගොවීන් සඳහා පොහොර ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 5,500ක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාදී ඇත. මෙයට අමතරව (දෙසැම්බර් මස 21 වන) අද දින ද තවත් රුපියල් මිලියන 1,500 ක් නිකුත් කිරීමට නියමිතය.

වසරේ සැප්තැම්බර් සිට මාර්තු මස දක්වා තිබෙන මහකන්නයේ වී වගාව වෙනුවෙන් පොහොර මිලදී ගැනීම සඳහා ගොවියෙකුට හෙක්ටයාර එකකට රුපියල් 25,000 ක් නිකුත් කරනු ලැබේ.

මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති මෙම මුදල් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අදාළ ගොවීන්ගේ බැංකු ගිණුම් වල තැන්පත් කරනු ලැබේ.ගොවීන්ට පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 55,000 ක් ලබන වසරට ද වෙන්කර ඇත.

පොහොර සහනාධාර ලබාගන්නා ගොවීන්ගේ දත්ත පද්ධතියක් මේවනවිට සකස් කර ඇති බැවින් ලබන වසරේ සිට එම ගොවීන්ට අදාළ මුදල භාණ්ඩාගාරය විසින් ඔවුන්ගේ ගිණුම් වලට සෘජුව නිකුත් කරනු ලැබේ.පොහොර වෙනුවෙන් ගොවීන්ට වී වගාව සඳහා හෙක්ටයාර එකකට යල හා මහ කන්න දෙක සඳහා දීමනාවක් ලෙස රුපියල් 25,000 බැගින් මුදල් ගෙවනු ලැබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.