• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලබන වසර වන විට නව රැකියා රැසක් බිහි වනු ඇත - මුදල් අමාත්‍ය -

Ravikarunanayakeලබන වසර වන විට ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ සෘජු ආයෝජන බොහොමයක් ලැබීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ මුදලේ අගය ශක්තිමත් වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. 

ආනයනය වැඩි වීම සහ ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ විදේශ මුදල් රටින් බැහැරව ගෙන යාම ආදී හේතුවෙන් 2015 වසරේදී ශ්‍රී ලංකාවේ රුපියලේ අගය අවප්‍රමාණය විය.   

 ලබන වසර වන විට හම්බන්තොට වරාය චීන රජයේ ආයෝජකයකු සමගින් ඒකාබද්ධ  ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් ප්‍රාග්ධන  වශයෙන් යෙදවීමට නියමිත ය.

මෙයට අමතරව තවත් විදේශ සෘජු ආයෝජන කිහිපයක් මත ප්‍රාග්ධන ය මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.   

තෙල් පිරිපහදුව, විදුලිය ජනනය කිරීම්, පශු සම්පත් ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන සහ ධීවර කර්මාන්ත ආදී ක්ෂේත්‍ර වලට අදාළව මෙම විදේශ සෘජු ආයෝජන අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.   

මෙමඟින් රජය ජනතාවට පොරොන්දු වූ පරිදි රට වේගවත් සංවර්ධනයක් කරා යොමු කිරීමට හැකිවන අතර නව රැකියා අවස්ථා ද බිහිවනු ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.