• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අනාගත පරපුරට යහපත් රටක් ගොඩනැගීමට කැපවන බව ජනපති පවසයි

He presidentරටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් අප වෙත පැවරී ඇති ඉහළම වගකීම සහ යුතුකම වන්නේ අනාගත පරපුර ශක්තිමත් දරු පරපුරක් ලෙස ගොඩනැඟීම බව පවසන ජනාධිපතිතුමා අනාගත දරු පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට වත්මන් රජය කැපවී සිටින බව ද කියා සිටියේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (21) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති සමෘද්ධි ළමා සමාජ සංස්කෘතික සහ සාහිත්‍ය උළෙල අමතමිනි.

හෙට ලොව දිනන රට දසත සැඟවී ඇති දැයේ දරුවන්ගේ නිර්මාණශීලී සෞන්දර්යාත්මක සාහිත්‍ය හැකියාව සමග සංවේදී මිනිසුන් ලෙස අනාගත පරපුර ගොඩනැගීම උදෙසා සමෘද්ධි කැකුළු ළමා සමාජ මගින් මෙම සාහිත්‍ය උළෙල සංවිධානය කර තිබුණි.

රටේ සංස්කෘතිය සහ සාහිත්‍ය ඇසුරු කරන යහපත් අනාගත පරපුරක් ලෙස දරුවන් ගොඩනැඟීමේ වගකීම සියලුදෙනාට පැවරෙන බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා රටේ සියලු ජන කොටස් අතර සාමය සහ සහෝදරත්වය ඇති කරමින් සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේදී ද සංස්කෘතිය සහ සාහිත්‍ය ඉතා වැදගත් සාධකයක් බව කියා සිටියේය.

විශිෂ්ටතා දැක්වූ දරු දැරියන්ට සම්මාන සහ තිළිණ ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය.

ළමා කැකුළු සමාජ මෙහෙවන දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට සහ දිවි නැගුම දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සෙනෙවිරත්න, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, සමෘද්ධි කැකුළු ළමා සමාජ දරු දැරියන් විශාල පිරිසක් ද මීට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.