• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“ජාතික රණවිරු එකමුතුව” ජනපති හමු වෙයි

He meeting 2016.12.21රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජාතික රණවිරු එකමුතුව ඊයේ (21) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.
 
රණවිරුවන් මුහුණපාන විවිධ ගැටලු මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර එම සියලු ගැටලු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක් විය.
රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය නිරන්තරයෙන්ම කැපවී සිටින අතර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොඅඩුව ලබාදීමට තමන් කටයුතු කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ජාතික ආරක්ෂාවට කිසිඳු හානියක් සිදු නොවන බව ද අවධාරණය කළ ජනාධිපතිතුමා රටේ ජනාධිපතිවරයා ලෙස මෙන්ම සේනාධිනායකයා ලෙස තමා සෑම අවස්ථාවකම වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින බව ද කියා සිටියේය.

එමෙන්ම වසර 12 කට අඩු සේවා කාලයක් සහිත ආබාධිත රණවිරුවන්ට සේවා විශ‍්‍රාම වැටුප ලබාදීමට කටයුතු කිරීම, වසර 22 ක සේවා කාලය අවසන් කර විශ‍්‍රාම යන රණවිරුවන්ට නැවත රාජ්‍ය සේවයට එක්වීමට අවස්ථාව සලසාදීම ඇතුළු රණවිරුවන් වෙනුවෙන් වත්මන් රජය පසුගිය වසර දෙක තුළ ඉටු කළ කාර්යභාරය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා රණවිරුවන් වෙනුවෙන් ඉදිරියට ද රජයේ වගකීම් නොපිරිහෙලා ඉටු කරන බව කියා සිටියේය.

රටේ විවිධ රණවිරු සංගම්වල නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර ඔවුන් මෙහිදී ප‍්‍රකාශ කළේ රටේ ජනාධිපතිවරයා හමුවීමට තමන්ට මෙවන් අවස්ථාවක් හිමි වූයේ ප‍්‍රථම වරට බවයි.

ඒ පිළිබඳ ජනාධිපතිතුමා වෙත සිය කෘතඥතාවය පළ කළ රණවිරුවන් වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පිළිබඳ තමන් දැඩි විශ්වාසයක් තබා ඇති බව ද සඳහන් කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.