• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2016 රාජ්‍ය නත්තල් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

X mas2016 රාජ්‍ය නත්තල් උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ  (22) පස්වරුවේ මීගමුව, මහවීදිය දේවස්ථාන පරිශ‍්‍රයේ දී පැවැත්විණි.
”කිතු උපතින් නැවුම් වන මිනිසත් බවට ඉඩ දෙමු” තේමාව යටතේ පැවැත්වුණු රාජ්‍ය නත්තල් උත්සවය කැරොල් ගායනා ඇතුළු විත‍්‍රාංග රැසකින් වර්ණවත් විය.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ව හන්සේගේ උපදෙස් හා මූලිකත්වයෙන්‍ මෙය සංවිධානය කර තිබුණි.

රාජ්‍ය නත්තල් උත්සවය ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ වර්තමාන සමාජයේ පවතින ගැටලු විසදමින් සාමාජිකත්වය සහ සහජීවනය ගොඩනැගීමට නත්තල් උදාව උතුම් අවස්ථාවක් බවයි.

ලෝකයට අවශ්‍ය වන්නේ සාමය, ආදරය, සංහිඳියාව බව පෙන්වා දුන් ජනාධිපතිතුමා නත්තල් උදාව මගින් එය මනාව ලබා දෙන බවත් සඳහන් කළේය.සහජීවනය වෙනුවෙන් කිතුණු දහම ලබාදෙන මනා කැපවීම ද ජනාධිපතිතුමා මෙහිදී අගය කළේය.

2016 රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව දීප ව්‍යාප්තව පැවැත්වුණු නිර්මාණ තරගවල ජයග‍්‍රාහකයින්ට තිලිණ හා සහතිකපත් ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.


එමෙන්ම මීගමුව ධීවර ජනතාවගේ උපහාරය ජනාධිපතිතුමා වෙත පුද කරමින් සමරු තිිලිණයක් ද පිළිගැන්වීය.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශ‍්‍රී ලංකා අපෝස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන් ඇතුළු පියතුමන්ලා ද, අමාත්‍ය ජෝන් අමරතුංග, රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, නිමල් ලන්සා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ප‍්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ද රාජ්‍ය නත්තල් උත්සවයට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.