• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

"ඇක්ටිව් ශ්‍රී ලංකා" ඕස්ට්‍රේලියා සහයෝගීතා මළල ක්‍රීඩා පුහුණු කඳවුරු 03ක් ශ්‍රී ලංකාවේදී

Sportඕස්ට්‍රේලියානු රජයේ ආධාර ඇති ව සංවිධානය කරන ආසියානු ක්‍රීඩා සහභාගීත්ව ව්‍යාපෘතිය යටතේ විශේෂ පුහුණු පාඨමාලා ඇතුළත් මළල ක්‍රීඩා පුහුණු කඳවුරු 03ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව 2017 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදේශීය පුහුණුකරුවන් විසින් ශ්‍රී ලාංකික පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනේ ආරම්භයක් ලෙස ක්‍රීඩා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සහයෝගය ඇති ව අධ්‍යාපන අමාත්‍යාංශයේද පූර්ණ මැදිහත්වීමෙන් මෙම පුහුණු වැඩමුළුව පැවැත්වේ.

සම්පූර්ණ නොමිලේ පැවැත්වෙන මෙම විශේෂ මළල ක්‍රීඩා පුහුණු ව්‍යාපෘතියේදී පළමු අදියර ලෙස ක්‍රීඩා සමාජ පුහුණුකරුවන්ද, දෙවන අදියර ලෙස අන්තර් මධ්‍ය පුහුණුකරුවන්, විනෝද ක්‍රීඩා පුහුණුකරුවන් සහ කිඩ්ස්ඇත්ලටිස්ක් සහ යොවුන් මළල ක්‍රීඩා පුහුණුකරුවන් පුහුණු කරනු ලැබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.