• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රජය ලෝක බැංකු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය සමඟ ගිවිසුමකට අත්සන් තැබේ

World bankසමාජ ආරක්ෂණ ජාල වැඩසටහනක් දියත් කිරීම සඳහා වූ මූල්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය අතර ණය ගිවිසුමක් අත්සන් තැබීම ඊයේ (28) සිදු විය. 

 

මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ලෝක බැංකුව වෙනුවෙන් මෙරට නේවාසික අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහවු මහත්මිය අත්සන් කරන ලදී.

මෙම වැඩසටහන 2017-2022 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ය. සමානාත්මතාව වර්ධනය කිරීම, රටේ සමාජ ආරක්ෂණ ජාලය විනිවිදභාවයට පත්කිරීම හා එහි කාර්යක්ෂමතාවය නැංවීම මඟින් අඩු ආදායම්ලාභී ජන කොටස්වලට මෙමගින් ප්‍රතිලාභ හිමිවේ.

මුදල් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සඳහා ඊට අදාළ අනෙකුත් ආයතන ද සම්බන්ධ කරගැනෙනු ඇත.

යෝජිත වැඩසටහනේ සම්පූර්ණ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 75 වන අතර එම අරමුදල් සපයනු ලබන්නේ ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය විසිනි.

මෙම ගිවිසුම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 53.7 ක මුදල් ශ්‍රී ලංකාව හිමිවන අතර මෙම ණය මුදල වර්ෂ 5 න් ආපසු ගෙවීමේ සහන කාලයක් යටතේ වසර 24 තුළ ගෙවා නිම කළ යුතුය. ඊට අමතරව 2.75% ක වාර්ෂික ස්ථාවර පොලී අනුපාතිකයකට යටත් වන අතර 0.25% වාර්ෂික ගාස්තුවක් නොයෙදූ ණය ශේෂය මත ගෙවිය යුතුය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.