• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අදින් ඇරඹුන නව වසර මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදුකෙරෙන වසර බව ජනපති පවසයි

President news 2017 1අදින් ඇරඹුන නව වසර මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කෙරෙන වසර බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.පොලොන්නරුව දිස්ත්‍රික් ගොවි සංවිධාන නායකයින් සමඟ ඊයේ  (01) පොලොන්නරුවේදී පැවති හමුවකදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

හෙට ඇරඹෙන “තිරසර යුගයක – තෙවසර ඇරඹුම” ජාතික වැඩසටහන සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ පරිවර්තනයන් රැසක් සිදු කෙරෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු ගොවි ජනතාවගේ සහය අපේක්ෂා කරන බව කියා සිටියේය.

දිස්ත්‍රික් ජනතා ව මුහුණ දී ඇති ගැටලු කිහිපයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර, ඉදිරි සංවර්ධන සැලසුම් සමඟ එම සියලු ගැටලු වලට විසඳුම් ලබාදීම රජයේ අරමුණ බවත්, ගොවි පවුලක උපන් තමා මෙරට කිසිදු ගොවි පවුලක් කුසගින්නේ තැබීමට ඉඩ නොතබන බවත් කියා සිටියේය.

ගෝලීය උෂ්ණත්වය සමඟ සිදුව ඇති කාලගුණික වෙනස්කම් නිසා කෘෂිකාර්මික කාලසටහන් වෙනස්වීම හේතුවෙන් රටපුරා ගොවි ජනතාව මුහුණ දී තිබෙන කෘෂිකාර්මික ගැටලු ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.උදා වූ නව වසර වෙනුවෙන් ගොවි සංවිධාන නියෝජිතයින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් එක් කළහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.