• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තංගල්ල නව නගර සංවර්ධනයට චීනයෙන් ආධාර

China developement projectනව නගර සැලසුමට අනුව තංගල්ල නගරයේ සංවර්ධනය සදහා ආධාර කිරීමට චීන රජය කැමැත්ත පලකළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

 පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කණ්ඩායමක් පසුගියදා චීනයේ සංචාරයක නිරතවූ අතර . එම සංචාරයට එක්ව සිටි රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තංගල්ල නව නගර සැලසුමට අනුව සංවර්ධනය කිරීම හා ඒ සදහා ආධාර ලබාගැනීම පිළිබදව චීන රජය සමග සාකච්ජා කළේය.
          

චීන කොමිනියුට්ස් පක්‍ෂයේ මධ්‍යම කම්ටුවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ සහකාර අමාත්‍ය H.E.Dou Enyoung මහතා හා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතර මෙම හමුව සිදුවින. එහිදී නාගරික සංවර්ධනය අධිකාරියේ සැලසුමට අනුව තංගල්ල නගර සංවර්ධනය සදහා ආධාර කිරීමට ඇති හැකියාව පිළිබදව අදහස් හුවමාරු කර ගත්තේය.
         
දකුණු පළාතම සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය වීමේදී මෙන්ම විදේශ සංචාරකයන්ගේ වැඩි ආකර්ශනයක් මේ වන විටත් තංගල්ලට යොමුවී තිබීමත් , විදේශ ආයෝජන මගින් නව කර්මාන්ත ඉදිවෙද්දී තංගල්ල නගරයට ඇදී එන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් නගර සංවර්ධනය වියයුතු බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙහිදී චීන රජයට පෙන්වා දුන්නේය . ඒ අනුව තංගල්ල නගර සංවර්ධනය සදහා ආධාර කිරීමට චීන රජය කැමැත්ත පළකළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.