• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යහපත් සමාජයක් ගොඩනැගීමට නීතිය තුළින් පමණක් නොහැකි අතර ඊට ප‍්‍රබලම ශක්තිය බෞද්ධ දර්ශනය බව ජනපති පවසයි

HE news2017 01 02අඩු පහසුකම් සහිත බෞද්ධ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 107ක්

යහපත් සමාජයක් ගොඩනැගීමට නීතිය, ව්‍යවස්ථාව සහ අධිකරණය තුළින් පමණක් හැකියාවක් නොමැති අතර ඒ සඳහා තිබෙන ප‍්‍රබලම ශක්තිය වන්නේ අධ්‍යාත්මික වශයෙන් බෞද්ධ දර්ශනය මත පදනම්ව සමාජය පෙළගැස්වීම බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ දුෂ්කර ප‍්‍රදේශවල බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට පුණ්‍යාධාර පිරිනැමීම වෙනුවෙන් ඊයේ (02) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.

අඩු පහසුකම් සහිත වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා පිහිටුවන ලද බෞද්ධ පුනරුද අරමුදල යටතේ රුපියල් මිලියන 107ක මුදලක් මෙලෙස විහාරස්ථාන අතර බෙදාදීම සිදු විය. සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ඉටුකළ යුතු සෑම යුතුකමක්ම ඉටු කිරීමට වත්මන් රජය බැඳී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා මාතෘ භූමිය යහපත් රටක් ලෙස ගොඩනැගීමට එදත්, අදත්, හෙටත් අපගේ මහා සංඝරත්නය ලබාදෙන ගෞරවනීය නායකත්වය කෘතවේදීව සිහිපත් කළේය.

දශක තුනක් පුරා පැවති යුද්ධය හේතුවෙන් විනාශ වු උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල බෞද්ධ වෙහෙර විහාරස්ථානවල මූලික අඩුපාඩු සපුරාලීමට ති‍්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර ඇති බව ද පැවසූ ජනාධිපතිතුමා බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඇතුළු පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් යුත් ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ දායකත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් මෙම වසරේ සිට ආරම්භ කිරීමට උපදෙස් ලබාදී තිබෙන බව ද කියා සිටියේය.

පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද කථානායක කරූ ජයසූරිය, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.