• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට ජනපති අතින් මුල්ගල් තැබේ

He news 2017 0104මෙරට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කරමින් කුලියාපිටිය, ලබුයාය, මහනුගලන්දවත්ත ප‍්‍රදේශයේ ඉදිකෙරන වොක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාව සඳහා මුල් ගල් තැබීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ සිදු විය.

ඉකුත් මැතිවරණ සමයේ ආණ්ඩුව ලබාදුන් පොරොන්දුවකට අනුව ඉදිකෙරෙන මෙම කර්මාන්තශාලාවේ ඉදිකිරීම් වසර දෙක හමාරක් තුළ අවසන් කිරීමට නියමිත අතර ජර්මන් රජය විසින් ඒ සඳහා සිදුකර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 26.5කි.

මෙම ව්‍යාපෘතිය මගින් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙන්ම තරුණ තරුණියන්ට මෝටර් රථ කර්මාන්තය පිළිබඳ පුහුණුවක් ලබාදීමට ද නියමිතය.

එමඟින් තරුණ තරුණියන් සඳහා ඝෘජු රැකියා 3000 ක් ද වක‍්‍ර රැකියා අවස්ථා 10,000 ක් ද උදා වනු ඇත.අමාත්‍යවරුන්වන රවී කරුණානායක, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, එස්.බී. නාවින්න, අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ද, වෙස්ටන් ඔටෝමෝබයිල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ රීසා රවුෆ් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.