• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හම්බන්තොට ආයෝජකයන්ගේ ලාභයෙන් 20%ක් සහ බදු මුදල් ශ්‍රී ලංකා රජයට

Hambanthota news 2017.01.05මත්තල ගුවන්තොටපොළ සහ හම්බන්තොට වරායේ ආයෝජන අවස්ථා පුළුල් නොකළහොත් එම ව්‍යාපෘති ඉදිකිරීමේ ණය ගෙවීම වෙනුවෙන් බදු බරක් ජනතාව මත පැටවෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

 මෙම දක්ෂිණ සංවර්ධන සැලැස්ම තුළින් කිසිදු අවස්ථාවක හම්බන්තොට චීනයට සින්නක්කර ලබාදීමක් සිදු නොවන බව අද (05) සිරිකොත මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය මඟින් කර්මාන්ත දහස් ගණනක් ඇති වීම, වරායට නැව් පැමිණීම, ගුවන්තොටුපොළට ගුවන් යානා පැමිණීම, ආයෝජන අවස්ථා පුළුල් වීම තුළින් සිදු වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ආයෝජකයින්ගේ ලාභයෙන් 20%ක් සහ නිෂ්පාදන බදු මුදල්  ශ්‍රී ලංකා රජයට ලැබෙන බව ද සඳහන් කළේය.

මෙම ව්‍යාපෘති සඳහා 95%ක්ම රජයේ ඉඩම් ලබාදීම සිදු වන අතර ඉතුරු 5%ක් පෞද්ගලික ඉඩම් ඔවුන්ට සාධාරණ ගෙවීමක් සිදු කරමින් ලබා ගැනීම සිදු වන බවත් පසුගිය රජයෙන් හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ ඉදිකරන අවස්ථාවේ අධිවේග මාර්ග ඉදි කිරීමේදී පෞද්ගලික ඉඩම් රැසක් ලබා ගැනීම සිදු වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය විරුද්ධට වන්නේ මේ රටේ තරුණ පිරිසගේ යහපත් අනාගතයට විරුද්ධ වන පටු දේශපාලන අදහස් වෙනුවෙන් කටයුතු කරන පිරිසක් බවයි.

දියුණු යුගයක දියුණු කර්මාන්ත මෙරටට ගෙන ආ යුතු බවත් දූපත් මානසිකත්වයේ වහල්ලු වගේ සිටීමට නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා  මෙරට තරුණ පිරිසට රැකියා අවශ්‍යතා ඇති කර වන අතර ශක්තිමත් ආර්ථිකයක් සකස් කළ යුතු බව ද සඳහන් කළේය.

දියුණු තාක්ෂණය සහ කර්මාන්ත තුළින් සිංගප්පූරුව, මැලේසියාව ආර්ථික ශක්තිය ගොඩනගාගෙන තිබෙන අතර මෙරට ආර්ථිකයටත් වඩා පසුපසින් සිටි බංග්ලාදේශය මෙරටට වඩා වැඩි ආර්ථික ශක්තියක් මේ වන විට ගොඩනගා තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.