• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

චක්‍රලේඛ උල්ලංඝණය කරන රෝහල් අධ්‍යක්ෂවරුන් ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාට වාර්තාවක්

Rajitha Senarathneරෝගීන් සදහා රෝහල්වල සිදු කරනු ලබන රසායානාගාර පරික්ෂණ සිදු කිරිමට අවශ්‍ය උපකරණ රෝහල්වලට ලබාදීමෙන් පසු නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක නොකරන රෝහල් අධ්‍යක්ෂවරුන් සහ වෛද්‍යවරුන් පිළිබද වාර්තාවක් වහාම ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෙද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට නියෝග කර ඇත.

 සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීෙමි දී මෙම නියෝගය නිකුත් කෙරිනි.

රුපියල් මිලියන 1200 ක් වැය කරමින් රසායනාගාර පහසුකම් ඇති සියළුම රෝහල්වලට අවශ්‍ය පරීක්ෂණ යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇත. පළාත් සභා මගින් පාලනය වන දිස්ත්‍රික් මහ රෝහල් සදහා ද පරික්ෂණ යන්ත්‍ර ලබාගැනීම සදහා රුපියල් මිලියන 30 බැගින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලු ම පළාත් සභා වලට මුදල් ලබා දී ඇත. ප්‍රතිකාර සදහා රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ සියළුම රුධිර පරීක්ෂණ ඇතුලු අනෙකුත් පරික්ෂණ රෝහල් මගින් සිදු කළ යුතු බවත්, පෞද්ගලික රසායනාගාර වෙත යොමු නොකළ යුතු බවත් සදහන් කරමින් 2016 වසරේ චක්‍රලේඛයක් නිකුත්කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමෙි දී අදහස් පළ කළ ශ්‍රී ලංකා වෛද්‍ය රසායානාගර විද්‍යා සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සදහන් කර සිටියේ දැනට රජයේ රෝහල් තුල පරීක්ෂණ කටයුතු ඒකක සියයට 30 කින් පමණ වැඩි වී ඇති බවයි. එම නිසා රෝහල්වලින් පෞද්ගලික රසායානාගාර වලට යොමු කරන සියළුම පරීක්ෂණ අවම වී ඇත. අදාල චක්‍රලේඛය උද්ලංඝණය කරන රෝහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ද ගැනීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.