• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලොතරැයි අලෙවි නියෝජිතයින් ජනපති හමු වෙයි

Lotteryලොතරැයි අලෙවි නියෝජිතයින් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ලොතරැයි අලෙවි නියෝජිතයින් පිරිසක් ඊයේ (05) පස්වරුවේ කොළඹදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.

තමන් මුහුණ දී සිටින ගැටලු ඔවුන් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ අතර සහනදායී වැඩපිළිවෙළක් හරහා එම ඉල්ලීම් ඉටු කිරීමට ඇති හැකියාව සොයා බැලීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය. මේ පිළිබඳව ඉදිරියේදී මුදල් අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිතුමා පැවසීය.

දිවයිනම ආවරණය වන අයුරින් ලොතරැයි අලෙවි නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.