• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකා - චීන සංවර්ධන කලාප ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ රැකියා උත්පාදනයයි - අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Hon sajith premadasaශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපය ව්‍යාපෘතියේ වාසිය ලැබෙන්නේ පොදු ජනතාවටයිඅපි කරන්නේ ජනතා හානියක් නොවේ ජනතාවට සහනයක් ලබදීමටයි.

 මේ දැවැන්ත ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ රැකියා උත්පාදනයයි. යොවුන් පරපුරේ අත්මිට සරු සාර කිරීමයි.රැකියා ප්‍රශ්නයට තිරසාර විසදුමක් ලබාදීමටයි. රැකියා ප්‍රශ්නය විසඳනවාට  බංකොළොත් දේශපාලඥයින් බය වෙලා යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

 ශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපය අද (07) හම්බන්තොට දී ආරම්භ කරන උත්සව අවස්ථාවට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ජනතා විජයග්‍රහනයේ සමාරම්භක විජයග්‍රහණයක් අද සමරනවා. සමාජ ගිවිසුම ක්‍රියාවට නංවන අවස්ථාවක්. මේ දැවැන්ත ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ රැකියා උත්පාදනයයි. යොවුන් පරපුරේ අත්මිට සරු සාර කිරීමයි.රැකියා ප්‍රශ්නයට තිරසාර විසදුමක් ලබාදීමටයි.

අපි කරන්නේ ජනතා හානියක් නොවේ ජනතාවට සහනයක් ලබදීමටයි. ශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපය ව්‍යාපෘතියේ වාසිය ලැබෙන්නේ පොදු ජනතාවටයි.අවාසිය විපක්ෂයටයි. රැකියා ජනපද බිහිවනවා වෙනුවට කාන්තාර බිහිවීම විපක්ෂයට වාසියි. මිත්‍යා මත පදනම් කරගෙන කර්මාන්ත ජනපදනයට විරෝධතා එල්ල කරනවා.මේ රටේ ඉතිහාසික ඓතිහාසික මට්ටමේ ජාත්‍යන්තර කර්මාන්ත ජනපදයක් බිහිවීම සිදු වෙනවා.

සමාජයේ කුහකයන් කොටසක් රැකියා ප්‍රශ්නය විසඳනවාට කැමති නෑ. දේශ ආලයෙන් ඉඩම් අයිතිය ගැන අද කතා කරනවා. තිස්ස කතරගම රෙස් පදින්නට පාරවල් නිර්මාණය කරනකොට කවුද උද්ඝෝෂණය කළේ? රේස් පිටිවලට අක්කර දහස් ගණන් වෙන් කරකොට කවුද කතා කළේ? එදා තිබුණේ රාජ්‍ය භීෂණය තිබුණු යුගයක් තිබුණේ. අද යහපාලන රජය ඉඩ දී තිබෙනවා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හඩනගන්න. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ රජයේ ඉඩම්වලයි. පාරම්පරික ඉඩම්වලට කිසිම හානියක් නෑ යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.