• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හම්බන්තොට ගිවිසුම හොර ගිවිසුමක් නොවේ - සභාවට ඉදිරිපත් කළ විට වාද කිරීමට හැකියාව තිබෙනවා

Pm 2017.01 09.2හම්බන්තොට සංවර්ධනයට අදාළ ගිවිසුම හොර ගිවිසුමක් නොවන බවත්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වරාය ගිවිසුම,තුනම  සභාවට ඉදිරිපත් කළ විට  වාද කිරීමට හැකියාව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

 

අග්‍රාමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, හම්බන්තොට වරාය ගැටළුව සහ ගිවිසුම සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ස්ථාවර නියෝග 23(02)  යටතේ විමසූ පැනයකට පිළිතුරු  ලබාදෙමිනි.


කාරණා ගණනාවක්,අනෙක් ඇමතිවරුත් ප්‍රකාශ කළා. සිකුරාදා මහාසංඝරත්නයට පහැදිළි කළා. අපිට මේ ගෙවන්න බැරි මිලියන 1300ක් තිබෙනවා.  ඩොලර් මිලියන 5000ක ආයෝජන ලබාගෙන තිබෙනවා. පළමු ආයෝජනය ශ්‍රී ලාංකිකයෙක් සිමෙන්ති සමාගම ඉදි කරන්න යන්නේ.

තෙල්පිරි පහදුවක්, විදුලි බලාගාරයක්, නැව් තඨාකයක්. තවත් සිමෙන්ති කර්මාන්තශාලාවක් අයත් වෙනවා. ඉඩම් ගන්නවාද නැද්ද ගැන සොයාබලන්න කොමිටියක් පත් කර තිබෙනවා.හම්බන්තොට ඉඩම් ගන්නවා නම් සාකච්ඡා කරලා, කිසිම පන්සලකට පුරාවිද්‍යා ඒකකයට හානියක් නොවන ලෙස. ගිවිසුම් සියල්ල හොර ගිවිසුම් නෑ.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

ජනාධිපතිතුමා කිව්වා, එපා නම් පොළොන්නරුවට දෙන්න කිව්වා. මොණරාගල ඇමැතිවරු කියනවා මොණරාගලට දෙන්න කියනවා. ඉතින් එපාද? හම්බන්තොට එපාද? ඕනැද එපාද? මේක ඕන නැද්ද කියලා කියන්න.ඔබතුමාලා යෝජනාවක් ගෙන්න. අපි ඉඩදෙන්නම්. කරුණා කරලා ප්‍රතික්ෂේප කරලා, හිටපු ජනාධිපතිතුමාගෙන් ලියුමක් ඕන,නිතිවිරොධි නම්.

චීන රජයට ස්තූතිවන්ත වෙනවට මේ ගත් පියවර සම්බන්ධයෙන්. වරාය ගිවිසුම,තුනම මේ සභාවට ඉදිරිපත් කළාම වාද කරන්න පුළුවන්. කොළඹ පටන් ගත්තේ පුද්ගලික සමාගමකටයි.පස්සේ බණ්ඩාරනායක මැතිතුමා ජනසතු කරලා ආණ්ඩුවට ගත්තා. මට කියන්න මොකක්ද ඔබතුමාලා චීනයට ගිහින් කතා කළේ. මාසයකට පෙර චීනයට ගියා. මට කෑ ගහනවා. හිටපු ජනාධිපතිතුමා හොඳයි කිව්වා. මහින්ද රාජපක්ෂ කරනවනම් හොඳයි,මෛත්‍රිපාල ජනාධිපතිතුමා කරනවා නම් වැරදි. මේක ඊර්ෂියාවනේ. ඔබතුමාලා යෝජනාව ගේන්න යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

 පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා-

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව කලබලයට පත් වුණේ. හම්බන්තොටින් අක්කර 15,000ක් ගන්නවා කිව්වාමයි. එය අමතරව ගිවිසුම පිළිබඳව ඇති වූ කුතුහලය. මහා සංඝරත්නය හමුවුණා, මහාසංඝරත්නය. නමුත් සැකය දුරු වුණේ නෑ. සාමකාමි උද්ඝෝෂණයක් පවත්වන්න සූදානම් වුණා.පවරාගත්ත භූමියක් තිබෙනවා. ඉල්ලන ප්‍රමාණය තව අවශ්‍ය නම් සුදුසු ස්ථාන තිබෙනවා. නිකම් තිබිලා වැඩක් නෑ. සාකච්ඡා මඟින් ප්‍රශ්න විසඳාගත යුතුයි. කර්මාන්ත එන්න ඕන. සංඝරත්නයට පහර දීම පිළිබඳව.මේ ගැන සොයා බලන්න.සාධාර්ණව බලලා පරීක්ෂණයක් කරලා, සොයා බලන්න.ඇමැති කමිටුව, මහා සංඝරත්නය හමුවෙලා ඒ විදියට කරමු.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

ස්තූතිවන්ත වෙනවා. කාරණය ගැන සාකච්ඡා කළා. සරත් අමුණුගම ඇතිතුමා ප්‍රධාන ඇමැති කමිටුවටයි. ඒ කමිටුව ලැස්තියි සංඝයා වහන්සේ මුණගැහෙන්න.ඉඩම් බලලා වෙන්කරලා ඉදිරියට යන්න හදන්නේ.මේ පිළිබඳව පොලිසියෙන් විමර්ශනයක් කරගෙන යනවා. කතාකරලා ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් නම් හොඳයි. වසර දහසකින් පස්සේ ත්‍රිකුණාමලය දියුණු වන්නේ.


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා-

2014 සැප්තැම්බර් මාසයේ ගිවිසුමක් අත්සන් කර තිබුනා.ඒ කාලයේ ම මේ පාර්ලිමේන්තුව තුළ,ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නෑ. යළි ප්‍රතිපත්ති රාමු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නෑ. මේ සමාගමට හම්බන්තොට පවරන්න පෙර සියලු ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.පූර්ණ විවාදයක් පාර්ලිමේන්තුවේ පැවැත්විය යුතුයි.

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-

සියලු ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයක් ලබාදෙනවා.මේ කලබලය ඇති වුණේ උසාවි නියෝගය කඩ කළ නිසයි.


අමාත්‍ය සාගල රත්නායක මහතා- අගමැතිතුමා සහභාගී වන රැස්වීමක්. ප්‍රභූ රැස්වීමක් තිබුණේ. ජනාධිපති අගමැති ආරක්ෂාවට තර්ජනයක් ඇතිවන උද්ඝෝෂණ කරලා නෑ අපි විපක්ෂය ඉන්න විට. ආරක්ෂාවට බරපතල තර්ජනයක් ඇති කළා.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද මරවීර මහතා-

හම්බන්තොට වරායත් මත්තල ගුවන්තිටුපල හදන වෙලාවේ රැකියා නිර්මාණ වෙනවට වැඩියේ කර්මාන්තපුරය හරහා රැකියා නිර්මාණය වන බවයි කිව්වේ. සතුටු වෙනවා කතානායකතුමාට විශාල දැනුමක් තිබුණා. ගම්මානවලින් මිනිස්සු ඉවත් කරන බවට ප්‍රචාරයක් ගියා. ගෙවල් 15,000ක් අයින් කරනවා කියලා.තවත් දේශපාලඝ්නයන් කිව්වා චිනයේ ලක්ෂ ගණනකට වීසා දෙනවා කියලා.කුහක දේශපාලනයේ යෙදෙන්න අවශ්‍ය නෑ.සියලු ස්වාමින්වහන්සේලා හමුවුණා. පැහැදිළිව පදිංචි ගෙවල්වලින් අයින් කරන්නේ නෑ කියලා. උන් වහන්සේලා එකඟ වුණා. කිසිම කෙනෙකුට මේ රටේ භූමියක් විකුණන්න ඉඩ දෙන්නේ නෑ. අපේ පැහැදිළි ස්ථාවරයක් තිබෙනවා. පදිංචි තැන්වලින් ඉවත් කරලා කර්මාන්තපුරයක් හදන්නේ නෑ.තරුණයන්ට රැකියා දෙන කර්මාන්තපුරය ආරම්භ කරමු.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව මට ඡන්දය දීලා නෑ. මට පුළුවන්  අමතක කරන්න. මම මේවා කරන්නේ, තරුණ තරුණියන්ට රැකියා ප්‍රශ්නයක් තිබෙනවා. පොලිස් වාර්තා ලැබුණාම විවාදයක් දෙන්නම්. ගිවිසුම් ලබුණාම වාද කරන්න පුළුවන්.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.