• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බුද්ධිමය දේපළ මංකොල්ලය නැවැත්වීම සඳහා කඩිනම් පියවර ගැනීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

He news 2017 01 09 2බුද්ධිමය දේපළ මංකොල්ලය නැවැත්වීම සඳහා දැනට තිබෙන නීති රීති නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමට සහ එම නීති රීතිවල අඩුපාඩු පවතින්නේ නම් නව නීති සම්පාදනය කර මෙම ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ඊයේ  (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කලාකරුවන් සහ අදාළ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදුන් අතර කර්තෘ භාගය ගෙවීම සහ ප‍්‍රකාශන හිමිකම ආරක්ෂා කිරීම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් අද සෑම දියුණු රටකම නීති රීති කි‍්‍රයාත්මක වන අතර අපද ඒ පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.බුද්ධිමය දේපළ හිමිකම සහ කර්තෘ භාගය ගෙවීම සම්බන්ධයෙන් පවතින නීති රීති පිළිබඳ අදාළ අංශ දැනුවත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් දුන්නේය.ගුණාත්මක මාධ්‍යකරණයක් සහ අසභ්‍ය නිර්මාණවලින් සමාජයට සිදුවන හානිය වැළැක්වීමට ගතයුතු පියවරයන් පිළිබඳව ද මෙහිදී අදහස් හා යෝජනා රැසක් ඉදිරිපත් විය.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නීතිපති ජයන්ත ජයසූරිය, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය, ශී‍්‍ර ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක යන මහත්ම මහත්මීන් ද, කලාකරුවන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.