• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන සතියට විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ වැඩසටහනක්

Nationalityජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ යෝජනාවක් අනුව ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන සතියට සමඟාමීව විශේෂ වැඩසටහනක් ඊයේ (09) විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්විණි.

ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් අනුව 2017 වර්ෂයේ සිට සෑම වර්ෂයක ම ජනවාරි මාසයේ 08දා සිට 14දා දක්වා වන සතියක කාලය 'ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන සතිය' වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරිණි.


මෙහිදී විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්යය මණ්ඩලය විසින් ජාතික කොඩිය ඔසවා සිංහල හා දෙමළ භාෂාවන්ගෙන් ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මෙම සතිය වෙනුවෙන් වූ ප්‍රතිඥාව කියවමීද සිදු කරන ලදී.

සමඟිසම්පන්න, ශක්තිමත්, සුසංවාදී මෙන්ම සමෘද්ධිමත් ජාතියක් සඳහා අඩිතාලම සපයමින්, ජනතාව අතර සමඟිය, සාමය, දයාව සහ සහෝදරත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සතිය ප්‍රරකාශයට පත් කිරීමට රජය ක්‍රියා කොට ඇත.

මෙම සතියට සමඟාමී ව දිවයිනේ සියලු ම පාසල්, ජනමාධ්‍ය, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කේන්ද්‍ර කරගනිමින් ජාතික ඒකාබද්ධතාවේ වැදගත්කම පිළිබිඹු කෙරෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.