• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දුප්පත්කම, නොදැනුවත්කම හා ගෘහස්ථ හිංසනය ග්‍රාමීය මට්ටමේ ප්‍රචණ්ඩත්වයට හේතුවේ

Matara 2017.01.10 1ග්‍රාමීය මට්ටමේ ජනතාව අතර පවතින බොහෝ ආරවුල් වලට  දුප්පත්කම, නොදැනුවත්කම හා ගෘහස්ථ හිංසනය හේතුවන බව කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පිහිටුවා ඇති සමථ මූල මණ්ඩලයේ ධූර හිස් කරනු ලැබූ සමථකාරවරුන් වෙනුවෙන් නව සමථකාරවරුන් පත් කිරීම සඳහා 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත ප්‍රකාර සමථ කිරීමේ දක්ෂතා සහ ශිල්පීය උපක්‍රම පිළිබඳව වැඩමුළුවකට එක්වෙමිනි.

පසුගිය දා කිරින්ද -පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී  මෙම පස් දින පුහුණු වැඩමුළුව පැවැත්විණ. සමථකාරවරුන් වශයෙන් තොරාගනු ලබන්නේ විවිධ ක්ෂේත්‍රවල රැකියාවල නියුතු වූ ප්‍රදේශයේ කීර්තිමත්, දැන උගත් පිරිසක් වන අතර  සමථ මණ්ඩල පුහුණු වැඩමුළුවේ දී සිදුකරනු ලබන්නේ සමථ මණ්ඩල පනත ප්‍රකාරව ඔවුන් හා දැනුම හුවමාරු කර ගැනීමක් ය.

සමථ කරුවන්ගේ කාර්යභාරය පිළිබඳ ව ලොකු ඇගයීමක් පවතී. සමාජීය හා සංස්කෘතික වශයෙන් පමණක් නොව ආර්ථික ආර්ථික වශයෙන් ද රටේ ජනතාව බලගැන්වීම සඳහා සමථ ක්‍රියාවලිය ඉවහල් වන බව ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී කීර්ති ලියනගේ මහතා ද එහිදී අදහස් දැක්වී ය.

එහි දී ඔහු අවධාරණය කළේ සමථ ක්‍රියාවලිය සත්භාවයෙන් කරන කටයුත්තක් බවත්, ලංකාවේ සමථ මණ්ඩලයට එන ආරවුල් විසඳීමට වැය කරන්නේ රුපියල් පහක් වැනි සුළු මුදලක් බවත්, මේ වන විට ලක්ෂ විස්සකට අධික ආරවුල් සමථ මණ්ඩල මගින් සමථකරණය කර ඇති බවත් ය.

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් හා කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් පැවති මෙම වැඩමුළුව සඳහා මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී කීර්ති ලියනගේ මහතා, ගාල්ල දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී රංජනී ඩයස් මහත්මිය හා මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී අවංකා මුදලිගේ වීරසිංහ මහත්මිය එක්වූහ.මෙම පුහුණු වැඩමුළුව සඳහා කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමථ මූල මණ්ඩලය වෙනුවෙන් 40 ට ආසන්න පිරිසක් ද සහභාගි වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.