• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපතිගේ නායකත්වයෙන් රජය ගෙන යන විදේශ ප‍්‍රතිපත්තියේ ජයග‍්‍රහණයක් ලෙස GSP+ සහනය නැවතත් ශී‍්‍ර ලංකාවට

heලංකාවට අහිමිව තිබු GSP+ සහනය නැවත ශී‍්‍ර ලංකාවට ලබාදීමට යුරෝපා වෙළෙඳ කොමිසම යෝජනා කරයි.

ශී‍්‍ර ලංකාව තුළ සිදුව ඇති යහපත් පරිවර්තනය අගය කරමින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා සහය ලබාදෙමින් මෙම බදු සහනය නැවත ශී‍්‍ර ලංකාවට ලබාදීමට යුරෝපා වෙළෙඳ කොමිසම යෝජනා කර තිබේ.

එමෙන්ම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ වත්මන් රජය ගෙන යන යහපත් විදේශ ප‍්‍රතිපත්තිය මෙම තත්ත්වය නිර්මාණය කිරීමට ප‍්‍රබල සාධකයක් වූ බව ආර්ථික මෙන්ම දේශපාලන විශේෂඥයින් පෙන්වා දෙයි.

ජනාධිපතිතුමා පසුගියදා ජර්මනියේ සිදුකළ නිල සංචාරයේදී ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මියගෙන් සිදුකළ ප‍්‍රධානම ඉල්ලීම වූයේ GSP+ සහනය නැවත ශී‍්‍ර ලංකාවට ලබාදීමට සහය වන ලෙසයි.

ඒ අනුව එම බදු සහනය ශී‍්‍ර ලංකාවට ලබාදීමට මැදිහත්වන බවට ජර්මන් චාන්සලර්වරිය ජනාධිපතිතුමා වෙත එකඟතාවය පළ කළ අතර අනතුරුව සිදුකළ සියලු නිල සංචාරවලදී යුරෝපා රාජ්‍ය නායකයින් හමුවූ සෑම අවස්ථාවකදීම ජනාධිපතිතුමා මේ පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු කරනු ලැබීය.

ශී‍්‍ර ලංකා නව රජය ජාතික සංහිඳියාව ගොඩනැගීමට, මානව හිමිකම් සුරක්ෂිත කිරීමට මෙන්ම නීතියේ ආධිපත්‍ය සහ යහපාලන මූලධර්ම සුරක්ෂිත කරමින් තිරසර ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් යන ගමන උදෙසා සිය රටවලින් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට එහිදී එම නායකයින් ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රතිඥා දුන්හ.

එම යහපත් ප‍්‍රතිචාර හමුවේ GSP+ සහනය ස්ථීර වශයෙන්ම ශී‍්‍ර ලංකාවට ලැබෙනු ඇති බවට ද ජනාධිපතිතුමා පසුගියදා මහනුවර පැවතී උත්සවයකදී ප‍්‍රකාශ කළේය.

ඉදිරියේදී යුරෝපා සංගමයේ එකඟතාවයෙන් GSP+ සහනය නැවත ශී‍්‍ර ලංකාවට හිමිවීම තුළින් මෙරට ඇගළුම් ක්ෂේත‍්‍රයේ නව ප‍්‍රගමනයක් ඇති කරනු ලබන අතර ඒ තුළ අපගේ අපනයන ආදායම ඉහළ යනවා සේම ඇගළුම් ක්ෂේත‍්‍රයේ සේවකයින්ට ද සහන රැසක් හිමිවනු ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.