• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නෙස්ලේ ලංකා සමාගමේ පන්නල කර්මාන්තශාලාවට ජනපති අතින් මුල්ගල තැබේ

Nestleනෙස්ලේ ලංකා සමාගමේ කිරි සහ පොල් ආශි‍්‍රත නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් පන්නල ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත නව කර්මාන්තශාලාවට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (12) පස්වරුවේ මුල් ගල තැබීය.

නෙස්ලේ ලංකා සමාගම විසින් වාණිජ මට්ටමේ හොඳම කිරි ගොවීන් ඇගයීම යටතේ තෝරා ගන්නා ලද පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් කිරි ගොවීන් වෙත ත්‍යාග සහ සහතික පත් ප‍්‍රදානය ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

පොල් වගාකිරීමේ මණ්ඩලය සහ නෙස්ලේ ලංකා සමාගම එක්ව පොල් වගාව නගා සිටුවීම සඳහා පොල් පැළ ලබාදීමේ වැඩසටහනක් ද මෙහි සංවිධානය කර තිබු අතර සංකේතවත් ලෙස ජනාධිපතිතුමා අතින් පොල් ගොවීන් කිහිපදෙනෙකුට පොල් පැළ ලබා දීම ද සිදුවිය.

අමාත්‍යවරුන් වන රවී කරුණානායක, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය අපිත් පී. පෙරේරා, යන මහත්වරුන් ද නෙස්ලේ ලංකා සමාගමේ කළමණාකර අධ්‍යක්ෂිකා Shivani Hegde මහත්මිය, සාමූහික කටයුතු උප සභාපති බන්දුල එගොඩගේ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.