• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර - පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන්ට රුපියල් 4122500ක් දඩ

Consumer Affairs.Authorityමාතර දිස්ත්‍රික්කයේ පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන්ගෙන් රුපියල් හතලිස් එක් ලක්ෂ විසිදෙදාස් පන්සීයක් (4122500) දඩ මුදල් වශයෙන් අය කර ගෙන තිබේ.

පසුගිය වසරේ වැටලීම් 818ක් සිදු කර පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන් 790 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය කටයුතු කර ඇත.

මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම හා අලෙවි කිරීමට ප්‍රදර්ශනයට තබා තිබීම, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ විකිණීම, බිල්පත් ලබා නොදීම, රජයෙන් වරින් වර නිකුත් කරන විධාන කඩ කිරීම, වගකීම් සහතික ලබා නොදීම, පාරිභෝගිකයා රැවටීම සහ පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිණීම ආදී වැරදි සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව මෙම නඩු පැවරීම් සිදු කර ඇත.

මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදේශකත්වය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ කලාප සහකාර අධ්‍යක්ෂ එස්. නන්දසිරි මහතා සහ දිස්ත්‍රික් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී පී.ආර්.කේ.එස්.බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන නිලධාරීන් වන  පී.ජී.විගමගේ මිය, ඩී.කේ.එල්.චන්දන මහතා, ඩී.ඩී.එල්. ද සිල්වා මහතා, එච්.ජී.පී. ඉඳුනිල් මහතා සහ එස්.යූ.හිත්තැටියගේ මිය  මෙම වැටලීම් සඳහා සහභාගි වී තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.