• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කළුතර කටුපොල් වගාව තාවකාලිකව අත්හිටුවයි

Katupoleකළුතර දිස්ත්‍රික්කය තුළ කටුපොල් වගාව නැවත දන්වන තෙක් අත්හිටුවීමට කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුව තිරණය කරයි.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා අදාළ විශේඥයන් සමඟ සාකච්ජා කර කටුපොල් වගාව පිළිබඳ තිරණයකට එළඹෙන තෙක් මෙම තිරණය ක්‍රියාත්මක වේ.දිස්ත්‍රික්කයේ පවතින නියග තත්ත්වයද සැලකිල්ලට ගනිමින් කමිටුව මෙම තිරණයට එළඹුනි.කටුපොල් වගාව ජල පෝෂක ප්‍රද්ශවල ජලය සිදීයාමට බලපාන වගාවන් හෙයින් මෙම වගාව නැවැත්වීමට කටයුතු කළ යුතු බව කමිටුවේදී සාකච්ජා කෙරිණ.

වතු සමාගම් වලට කටුපොල් වගාව සඳහා අවසර දී ඇත්තේ ඔවුන්ගේ වතු වලින් 20%ක ප්‍රමාණයක් පමණක් බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය දන්වා ඇති බව කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී සී ජයලාල් මහතා විසින් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට අනාවරණය කරන ලදී. 

දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන වෘත්තිය පුහුණු හා  නිපුනතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ, කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම කම්ටුව රැස්විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.