• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මුලටියන නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ සිසු දක්ෂතා එළිදැක්වේ

Vocational 2017 01 17 1මාතර - මුලටියන කලාප අධ්‍යාපන කාර්යාලයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය මගින් පවත්වන ලද පූර්ණ කාලීන රූපලාවන්‍ය පාඨමාලාව හැදෑරූ සිසුවියන්ගේ දක්ෂතා එළිදැක්වීම පසුගියදා තිහගොඩ ජාතික පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

පාසල් අධ්‍යාපනය හමාර කර රූපලාවන්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වීමට අපේක්ෂාවෙන් වෘත්තීමය පාඨමාලා හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් සෑම වසරක ම පවත්වනු ලබන මෙම රූපලාවන්‍ය පාඨමාලාව සඳහා මෙවර ශිල්පිණියන් 25 දෙනෙකු සහභාගි එක් වී සිටියහ.

පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ ශිල්පිණියන්ගේ දක්ෂතා එළිදැක්වීම ද පාඨමාලා අවසාන ප්‍රදර්ශනය සහ ඔවුන් වෙනුවෙන් සහතික පත් ප්‍රදානය කිරීම ද මෙදින සිදු කෙරිණි.ප්‍රවීණ රූපලාවන්‍ය උපදේශිකා සෙව්වන්දි මාතර ආරච්චි මෙනෙවිය විසින් පාඨමාලාව මෙහෙයවන ලදි.

මුලටියන කලාප අධ්‍යාපන කාර්යාලයේ කලාප අධ්‍යක්ෂ මධුමාලි දිල්ලිමුණි මහත්මිය, විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙල්කා ප්‍රසංගනී මහත්මිය හා වෘත්තීය පුහුණු කොට්ඨාසභාර නිලධාරිනී දීපිකා මහත්මිය ඇතුළු නිලධාරීන් සහ රූපලාවන්‍ය ශිලිපිණියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.