• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතලේ දී 69 වන නිදහස් දින සැමරුම උත්කර්ෂවත් අයුරුන්

Independence Day 2017පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 69 වන ජාතික දින උත්සවයට සමඟාමී ව මාතලේ ප්‍රධාන නගරය හා හින්දු විද්‍යාලය කේන්ද්‍ර කොට ගෙන ප්‍රධාන උත්සවයක් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක ප්‍රාදේශීය මට්ටමින් නිදහස් උත්සව පැවැත්වීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණ කර ඇත. 

මාතලේ නගරය කේන්ද්‍ර කොට ගෙන හින්දු විද්‍යාලයේ දී පැවැත්විමට කටයුතු සංවිධානය කොට ඇති නිදහස් දින උත්සවයේදී දිවයිනේ විශාලත ම ජාතික කොඩිය එසවිමට සංවිධනය කරන බව බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති රංජිත් අලුවිහාරේ මහතා පවසයි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව සහ මව්බිමේ නිදහස වෙනුවෙන් 1848 මාතලේ විමුක්ති සටනට දායකත්වය දුන් වීර පුරන් අප්පු සැඟවී සිටි කොහොඹිලිවල ලෙන අසල උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සංවිධානය කරන නිදහස් දින උත්සවය පැවැත්විමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.