• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ලේ ප්‍රමිතියෙන් තොර තේ පැල වගාකිරීම වැළැක්වීමට පියවර

Tea plantationවගා කටයුතු වෙනුවෙන් ප්‍රමිතියෙන් තොර තේ පැල ලබා ගන්නා වගාකරුවන් සඳහා රජයෙන් ලබා දෙන ආධාර මුදල් ලබා නොදීමට පියවර ගන්නා බව කෑගල්ල දිස්ත්‍රික් කුඩා තේ වතු සංවර්ධන අධිකාරී කාර්යාලය පවසයි.

ඒ අනුව මින් ඉදිරියට ලියාපදිංචි තේ පැල තවාන් වලින් පමණක් තේ පැල ලබා ගත යුතු අතර ඒ සඳහා එම තේ පැල තවාන් හිමියා විසින් නිකුත් කරන ලද ලදු පත ක්ෂේත්‍ර පරීක්ෂණයේ දී ඉදිරිපත් කළ යුතුය.

වගාකරුවන් සඳහා අදාළ ආධාර මුදල් හිමිවන්නේ මෙම කොන්දේසි සපුරාලීමෙන් අනතුරුවය.කෑගල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් ප්‍රමිතියෙන් තොර තේ පැල අඩු මුදලකට ලබා ගැනීමේ ප්‍රවණතාවයක් පසුගිය සමයේ වාර්තා වූ අතර, ඒ තත්ත්වය වැළක්වාලීම සඳහා මෙම පියවර ගත් බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරී කාර්යාලයේ  කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු ආර්.ඒ.ජී.පී රණසිංහ මහතා සඳහන් කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.