• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රටේ බදු ආදායම ඵලදායී ලෙස ජනතාව වෙත ගෙන යෑම රජයේ ඉලක්කයයි

Special news DGI 2017.01.19රටේ බදු ආදායම ඵලදායී ලෙස ජනතාව වෙත ගෙන යෑම රජයේ ඉලක්කය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

 මන්ත්‍රීවරයා අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගීවෙමින් මේ බව ප්‍රකාශ කළේ ය.

රටේ බදු මුදල් කොහොමද සුරක්ෂිත කරන්නේ කියා බලනවා. දේශපාලඥයින්ගේ සාක්කු වලට නොගොස් ඒ සහන ජනතාවට ලබාදෙනවා. ජනතාවගේ මුදල් සුරක්ෂිත කිරීමට කටයුතු කර තිබෙනවා. 2016  වසර වන විට බදු ඉපැයූ ෆයිල් තිබුණේ, 6,94,000ක්. මේ වනවිට එය 14,50,000ක් දක්වා වැඩිකරගන්නට හැකි වුණා.

වසර 2014 වනවිට අපේ අපනයනය සියයට 14.9%ක් දක්වා අඩු වී තිබුණා. අපට ඉදිරියේ දී ජී.එස්.පී. ප්ලස් ලැබෙනවා. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඇඟලුම් කර්මාන්තශාලා 200ක් ආරම්භ කළා ඉන් 180ක් වැසී ගිය. මේ සහනය  මඟින්  නව රැකියා උත්පාදනය වෙනවා.

අද ඒකාබද්ධ විපක්ෂය රට්ට බොරු කියල බිල්ලෝ මවනවා.විපක්ෂයට අද කතාකරන්න දෙයක් නැති නිස බිල්ලෝ මවනවා. පැහැදිළිව දැනගන්න තොරතුරු දැනගැනීමේ පනත තිබෙනවා. ජනතව ඉන් ප්‍රයෝජනයක් ගත යුතුයි. වැඩකරන සමාජයක් යහපාලනය මඟින් ගොඩනගනවා යැයි ද මන්ත්‍රීවරය පැවසී ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.