• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෘෂිකර්මාන්තයට අදාළ රජයේ සැලසුම් වඩා ප‍්‍රායෝගික ව හා සාර්ථකව කි‍්‍රයාවට නැංවිය හැක්කේ ක්ෂේත‍්‍ර නිලධාරින්ට යි

He.news2017.01.18කෘෂිකර්මාන්තයට අදාළ රජයේ සැලසුම් වඩා ප‍්‍රායෝගික අන්දමින් කි‍්‍රයාවට නංවා  සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැක්කේ ක්ෂේත‍්‍ර නිලධාරින්ට බව ජනපති පවසයි.
රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවමින් සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම සඳහා රජයේ සැලසුම් සහ ප‍්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යමින් ඒවා වඩා ප‍්‍රායෝගික අන්දමින් කි‍්‍රයාත්මක කර සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැක්කේ අදාළ ක්ෂේත‍්‍ර නිලධාරින්ට බව ජනාධිපතිතුමා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලුම ආයතනවල නිලධාරින්ගේ සහභාගිත්වයෙන්‍ පසුගිය (18) පස්වරුවේ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවති වැඩසටහන අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

‘තිරසර සංවර්ධන ඉලක්ක එක්ව ජය ගනිමු – 2017 දිළිඳුකමින් රට නිදහස් කර ගනිමු’ බලගතු ශී‍්‍ර ලංකාවක් උදෙසා රජයේ ආර්ථික සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීම හා නියං තත්ත්වය හමුවේ මතුවන අභියෝග ජය ගැනීම සඳහා කෘෂි ක්ෂේත‍්‍රය සුදානම් කිරීම උදෙසා මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

රටේ අහිංසක ජනතාවගේ ජීවන ගැටලු විසඳමින් දිළිඳුබව තුරන් කර ඔවුන්ගේ ආර්ථිකය නඟා සිටුවීම රජයේ අරමුණ වන අතර එම අභියෝගය ජය ගැනීම සඳහා සියලුදෙනා එක්විය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

එළැඹෙන නියඟය සඳහා මුහුණ දෙමින් එම පීඩාවන් අවම කර ගැනීමට නව සැලසුම් ඔස්සේ කටයුතු කළ යුතු අතර නියඟය සංවර්ධනයේ ශක්තියක් ලෙස භාවිතා කළයුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

2016 මහ කන්නයේදී ස්වභාවික විපත්වලින් වී අස්වැන්නට සිදුවූ හානි සඳහා කිසිඳු රක්ෂණ ආවරණයක් ලබානොගත් ගොවි මහතුන් සඳහාද කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් පිරිනැමුණු වන්දි මුදල් ප‍්‍රදානය සංකේතවත් කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

ගොවිජන සංවර්ධන ප‍්‍රාදේශීය නිලධාරීන්ට පරිගණක ප‍්‍රදානය කිරීමක් ද සිදු කෙරිණි.

ගොවිජන සේවා මධ්‍යස්ථාන 521 ක් සම්බන්ධ කෙරෙන තොරතුරු දත්ත පද්ධතිය ද විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.
අමාත්‍ය දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල යන මහත්වරුන් ද පළාත් කෘෂිකර්ම අමාත්‍යවරු සහ රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.