• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තිරසර පාසල් වැඩසටහන වෙනුවෙන් මධ්‍යම පළාතේ පාසල් දරුවන් බලගැන්වේ

HE 2017.01.19‘සොඳුරු ළමා ලොවක් – සුරක්ෂිත හෙටක්’ තේමාව යටතේ පැවැත්වෙන තිරසර පාසල් වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ පාසල්වල දරුවන් බලගැන්වීම සඳහා ඊයේ (19) පෙරවරුවේ පොල්ගොල්ල, මහවැලි ජාතික අධ්‍යාපන පීඨයේ පැවති සාකච්ඡා මණ්ඩපය සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එක් විය.
 
මධ්‍යම පළාත් තිරසර පාසල් සමාජය එක්ව මෙහෙයවූ මෙම සාකච්ඡා මණ්ඩපයේදී තිරසර සංවර්ධනය සඳහා පාසල් දරුවන්ගේ කාර්ය පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරුණු අතර සිසු දරුවන් නැඟු ප‍්‍රශ්න කිහිපයකට ද පිළිතුරු ලබා දුන් ජනාධිපතිතුමා තිරසර සංවර්ධනය පිළිබඳ රජයේ දැක්ම ඔවුන්ට පැහැදිළි කළේය.

පොල්ගොල්ල මහවැලි ජාතික අධ්‍යාපන පීඨය වෙත පැමිණීම වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්විණි.

ඉන් අනතුරුව කෙන්ගල්ල දෙමළ විද්‍යාලයේ ද නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා එම දරුවන් සමග සුහද කථාබහක නිරත වෙමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.