• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලෝක ප්‍රකට අලිබබා සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි

Hon Ravikarunanayake news 2017.01.20අන්තර්ජාලය  මගින් භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා සහය දක්වන ලෝ ප්‍රකට චීන සමාගමක් වන අලිබබා සමාගම (Alibaba) ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදු කිරීමට කැමැත්ත පළ කරයි.
එහි නිර්මාතෘ සහ වත්මන් සභාපති ජැක් මා (Jack Ma) මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර ඊයේ (18) පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණ විය. ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන 2017 ලෝක ආර්ථික සමුළුව අතරතුර මෙම හමුව සිදු විය.

එහි දී ජැක් මා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු ආරම්භ කිරීම කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. අලිබබා සමාගම ආයෝජනය තුළින් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා පුළුල් වන බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

1991 වසරේ දී පිහිටුවා ගත් අලිබබා සමාගමේ දළ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 10.33 ඉක්මවා ඇතග සමාගමේ සම්පූර්ණ වත්කම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 52.97කි.

ලෝ ප්‍රකට ෆෝබ්ස් සගරාවේ 2016 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව ධනවත් ම පුද්ගලයන් අතරින් 33 වැනි ස්ථානය දිනා ගැනීමට අලිබබා සමාගමේ සභාපති ජැක් මා මහතා සමත් විය. අමෙරිකානු ඩොලර් බිලියන 20.5ක වත්කම් හිමි ඔහු චීනයේ දෙවැනි ධනවත්ම පුද්ගලයා වෙයි.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.