• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලෝකයේ ආර්ථිකය හසුරවන මූලික කලාපය ලෙස ආසියාව නැගී සිටිනවා - අගමැති

PM 2017.01.20.1පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර, ආර්ථික සම්බන්ධතා තහවුරු කරලීම සම්බන්ධව තමන් දැනටමත් නවසීලන්තය සමඟ සාකච්ඡා කර ඇති අතර, ඉදිරියේ දී මේ පිළිබඳ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ අනෙකුත් රටවල් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බව බීබීසී රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ බීබීසී රූපවාහිනී මැදිරියේ පැවති මෙම සාකච්ඡාවේ දී වික්‍රමසිංහ මහතා පැවසූයේ ඉදිරි අනාගත ලෝකයේ ආර්ථිකය හසුරවන මූලික කලාපය ලෙස ආසියාව නැගී සිටින බවය.

2050 වසර වන විට ලෝකයේ වඩාත්ම ශක්තිමත් මධ්‍යම පාන්තිකයන් බිහිවනුයේ දකුණු අප්‍රිකාවේ සිට ඉන්දුනීසියාව දක්වා කලාපයේ බව පෙන්වා දුන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඒ පිරිස සඳහා ආහාර ඇතුළු නිෂ්පාදන සැපයීම උදෙසා දැන් සිටම සැලසුම් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

චීනය ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීම සම්බන්ධව හම්බන්තොට පැවති විරෝධතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහයකයින් පිරිසක් විසින් සිදු කළ බව කී වික්‍රමසිංහ මහතා, දැන් ශ්‍රී ලංකාව තුළ ඕනෑම උද්ඝෝෂණයක් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඇති බව පෙන්වා දුන්නේය.

චීනය ලෝකයේ විවිධ රටවල ආයෝජන සිදු කරන බව පැහැදිලි කළ වික්‍රමසිංහ මහතා චීනය විසින් එක්සත් රාජධානියේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් සඳහා ආයෝජනය කිරීම ඊට එක් උදාහරණයක් පමණක් බව පෙන්වා දුන්නේය.

හම්බන්තොට කර්මාන්ත කලාපයන්හි ලෝකයේ ඕනෑම රටක ඕනෑම ආයෝජකයෙකුට ව්‍යවසාය ආරම්භ කිරීමේ අවකාශය ඇති බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.