• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාර්ග සංවර්ධනයට ඉන්දියානු සහාය

PM 2017.01.20.3ශ්‍රී ලංකාවේ මහා මාර්ග සංවර්ධනය සඳහා ඉන්දියානු සහය ලබා ගැනීම සහ ශ්‍රී ලංකාව සහ අන්ද්‍ර ප්‍රදේශය අතර ආර්ථික හා වෙළෙඳ සම්බන්ධතා තහවුරු කර ගැනීම පිළිබඳව සාකච්ඡා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කාරි මහත්වරුන් අතර පවත්වා තිබේ.
මේ පිළිබඳ ව වූ විශේෂ සාකච්ඡාව ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ දී පැවැත්විණි.

ආන්ද්‍ර ප්‍රදේශය සමග ඒකාබද්ධ ව්‍යාපාර ආරම්භ කිරීම, උද්‍යාන විද්‍යා සහ අභ්‍යන්තර ධීවර කර්මාන්තය පිළිබඳ අන්ද්‍ර ප්‍රදේශ විශේෂඥයන්ගෙන් උපදේශ ලබා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

අතීතයේ සිට ශ්‍රී ලංකාව සමග පැවති සම්බන්ධතා තවතවත් ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාව වෙත පූර්ණ සහය ලබා දීමටත් තමන් කටයුතු කරන බව ගද්කාරි අමාත්‍යවරයා සහ නායිඳු මහ ඇමතිවරයා පැවසූහ.

ජිනීවා ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ උපදේශක මංගල යාපා යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක් වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.