• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඌවේ කර්මාන්තකරුවන්ට රුපියල් කෝටියක් වටිනා ස්වයං රැකියා උපකරණ

North prvinceජනාධිපති පදවි ප‍්‍රාප්තියේ දෙවන වර්ෂ පූර්ණය සමරා ඌව පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දිරිගැන්වීම උදෙසා රුපියල් මිලියන 10ක් පමණ වටිනා ස්වයං රැකියා උපකරණ ප‍්‍රදානය කිරීමක් පසුගියදා ඌව පළාතේදී සිදු කෙරිණ. 

ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ එම්.පී.ජයසිංහ සහ ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙය ඌව පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

ඌව පළාත් ක‍්‍රීඩා හා කර්මාන්ත අමාත්‍ය සාලිය සුමේධ සිල්වා මහතාගේ උපදෙස් මත එම අමාත්‍යාංශය හා ඌව පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කොට තිබූ අතර, පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා සියයට පනහේ ප‍්‍රතිලාභී දායකත්වය මත මෙම උපකරණ ප‍්‍රදානය කෙරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.