• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා බැංකුව වර්ගීකරණය ඉහළ නැංවීමට පියවර ගැනේ

PM news 2017 01 23ජපාන ජාත්‍යන්තර සහයෝගීතා බැංකුව, ශ්‍රී ලංකාව පිළිබඳ වර්ගීකරණය ඉහළ නැංවීමට තීරණය කර ඇති බව එහි සභාපති තදහෂි මයෙදා (Mr. Tadashi Maeda) මහතා පැවසීය.

ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් මයෙදා මහතා වැඩිදුරටත් පැවසූයේ, ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලීන් සඳහා තම බැංකුව පූර්ණ සහය ලබා දෙන බවය.

ඉදිරියේදී ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව එක්ව තෛපාර්ශවික ව්‍යාපාර සිදුකිරීමේ අවශ්‍යතාව හා හැකියාව පිළිබඳ ව ද මේ සාකච්ඡාවේ දී අදහස් හුවමාරු කර ගැනිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.