• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පසුගිය වසරේ ගාල්ලේ යටිතල පහසුකම්වල 100%ක ප්‍රගතියක්

Developmentමෙම වසරේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය යටිතල පහසුකම් ප්‍රවර්ධනය සඳහා ආර්ථීක ප්‍රතිපත්ති කටයුතු අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 448ක මුදලක් වෙන් කර ඇත.

ඒ යටතේ එක් ගමකට රුපියල් ලක්ෂ 05ක මුදලක් වෙන් කිරීමට නියමිතය. ඒ අනුව යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 70%ක මුදලක් ද, ජීවනෝපාය සංවර්ධන වැඩසටහන සඳහා 30%ක් ද ඒයටතේ වෙන් කෙරේ. 

එසේම 2016 වර්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් කෙරුණු ප්‍රතිපාදනයන්ගෙන් 100% භෞතික ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවට දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා පුෂ්පා මලලසේකර මහත්මිය පැවසුවාය. එමෙන් ම නිල මෙහෙවර ජාතික වැඩසටහන යටතේ රු.මිලියන 89.4ක ප්‍රතිපදන යටතේ යෝජිත මාර්ග සහ යටිතල පහසුකම් 100% භෞතික ප්‍රගතියක් අත් කර ගෙන ඇත.

එමෙන් ම දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය යටතේ හිමි වූ රු මිලියන 65.09ක ප්‍රතිපාදන යටතේ යෝජිත සංවර්ධන වැඩසටහන් හි ද 100% ප්‍රගතියක් අත් කරගෙන ඇති අතර, ක්‍රීඩා පිටි සංවර්ධන වැඩසටහන යටතේ ද 99%ක ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව සැලසුම් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා ය. 

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුව ඊයේ (23) සම්බන්ධීකරන කමිටුවේ සම සභාපතිවරුන් වන දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේ ලාල් ද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.