• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පුත්තලම දිස්ත්‍රික් රණවිරු සංසද නිලධාරී සුහද හමුවක්

Anoma fonsekaපුත්තලම දිස්ත්‍රික් රණවිරු සංසද නිලධාරීන් සඳහා සුහද හමුවක් ඊයේ (23) හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේදී රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
 
රටේ ඒකීයභාවය ඇති කිරීම උදෙසා තම දිවී පරදුවට තබා සටන් වැද, යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන් හා දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජිවින තත්ත්වය නගා සිටුවීමේ අරමුණින්, 2017 වර්ෂයට අදාළ ව රණවිරු සේවා අධිකාරිය මගින් සිදු කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳ සංසද නිලධාරීන් දැනුම්වත් කිරීම මෙම සුහද හමුවේදී සිදු කෙරිණ.

එසේම පුත්තලම දිස්ත්‍රික් රණවිරු සංසද නිලධාරීන් මුහුණප ඇති ගැටළු මෙන්ම ඔවුන්ගේ නව යෝජනා  හා අදහස් විමසීම මගින් වඩාත් ඵලදායී සේවයක් රණවිරු සංසද සඳහා ලබාදිම ද මෙම වැඩසටහනේ අරමුණු අතර විය. 

රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනිය, පුත්තලම් දිස්ත්‍රික් ලේකම්, ඉඩම් කොමසාරිස්, ත්‍රිවිධ හමුදා හා පොලිස් ප්‍රදේශ භාර නිලධාරීන් හා හලාවත ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.