• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ල රබර් ගොවීන්ට පොහොර සඳහා ලක්ෂ 80ක්

Rubberකෑගල්ල දිස්ත්‍රික්කයේ  කුඩා රබර් හිමියන් 1200 දෙනෙකුට රබර් පොහොර සහනාධාර ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ  රුපියල් ලක්ෂ අසුවක චෙක්පත් ප්‍රදානයක්  පසුගියදා සිදු කරන ලදී.

කෑගල්ල බාලිකා විදුහල් ශ්‍රවණාගාරයේදී මෙම චෙක්පත් ප්‍රදානය  සිදු කරන ලදී.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වෙක්පත් ප්‍රදාන අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රි සන්දිත් සමරසිංහ යන මහත්වරු ඇතුළු දේශපාලන නායකත්වයද රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.