• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බැඳුම්කර ගනුදෙනු ගැන පරීක්ෂණ සඳහා ජනාධිපති කොමිසමක්

heශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිළිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන හා පරීක්ෂණ සිදුකර ඊට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ගරු ජනාධිපතිතුමා විසින් නීතිපතිවරයාට උපදෙස් ලබාදී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්, මහාධිකරණ විනිසුරුවරයෙක් හා විගණන කටයුතු පිළිබඳ විශේෂඥවරයකුගෙන් සමන්විත මෙම ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාව පත් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය මේ සතියේදී නිකුත් වීමට නියමිතය. මෙම කොමිෂන් සභාවේ නිර්දේශ සහිත වාර්තාව මාස තුනකින් සම්පූර්ණ කර අවසන් කළ යුතු වනු ඇත.

එම කොමිෂන් සභාවේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන මෙන් ගරු ජනාධිපතිතුමා අදාළ සියලු අංශ වලින් ඉල්ලා සිටී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.