• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නියඟයට මුහුණදීම සඳහා මාතරින් ඒකාබද්ධ සැලැස්මක්

dry climetශ්‍රී ලංකාවට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී මාතර දිස්ත්‍රික්කයට ද නියං තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බැවින් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ඊයේ (23) පැවැත්විණ.

 කමිටුවේ සම සභාපතිවරුන් වන මුදල් රාජ්‍ය  අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  බුද්ධික පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රණාගාරයේ දී සිදු කෙරිණ.

මෙහි දී පානීය ජල අවශ්‍යතාව සහ වගාවන් සඳහා ජල අවශ්‍යතාව පිළිබඳ ව විශේෂයෙන් අවධානය යොමු කරමින් දිස්ත්‍රික්කයේ වගකිව යුතු ආයතන සියල්ලේ ම සහායෙන් ඒකාබද්ධ සැලැස්මක් සකස් සකසන ලදී.මේවන විට නියඟය හේතුවෙන් පානීය ජලය පිළිබඳ ව ගැටලුවක් ඇති වී නොමැති බවත්, එහෙත් ඉදිරි සති කිහිපය තුළ ප්‍රමාණවත් වැසි නොලැබුණහොත් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 600 ට ආසන්න පිරිසකට පානීය ජලය සපයා දීමට සිදුවන බවත්, එහිදී හෙළි විය.

ඒ සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සුදුසු ක්‍රමවේද අනුගමනය කරමින් ජලය සපයා දීමට තීරණය කෙරිණ. පානීය ජල අවශ්‍යතාව දැඩි වුවහොත් එවැනි ප්‍රදේශ කේන්ද්‍රීය කර ගනිමින් ජල ටැංකි ස්ථානගත කර හමුදාවේ හා පොලීසියේ සහාය ලබාගෙන ඒවාට ජලය සැපයීමට යෝජනා කෙරිණ.නිල්වලා ගඟේ ජල මට්ටම අඩුවන විට මුහුදු ජලය ගඟේ ඉහළට යාම වැළැක්වීම සඳහා පසුගිය සමයේ ඉදිකළ කරදිය බාධකය තවමත් තිබෙන බැවින් එය ප්‍රතිසංස්කරණය කිරීමෙන් මෙවරද කරදිය ගඟේ ඉහළට යාම වළක්වාගත හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.නියඟයට ඔරොත්තු දෙන ජල බුබුළු දහ අටක් මේ වන විට හඳුනාගෙන ඇත.

අවශ්‍යතා අනුව ඒවායේ ජලය ජනතාවට ලබාදීමට කටයුතු කෙරේ. මාතර දිස්ත්‍රික්කයේ ජල බවුසර් නොමැති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභා වලට ජල බවුසර් ලබා ගැනීමට තීරණය විය. නියඟයේ අතුරු ඵලයක් වශයෙන් දැනට මාතර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් එකොළහක වගා හැනි සිදුවී ඇති අතර ඊට අදාළ තක්සේරු වාර්තා ලබාගෙන කඩිනමින් වන්දි ගෙවීම් සිදු කිරීමට තීරණය කෙරිණි. පුරන් කුඹුරු ඇතුළු වගා කළ හැකි සියලු ම ඉඩම්වල නියඟයට ඔරොත්තු දෙන භෝග වගා කිරීමට දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරමින් පවතී.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය  යූ.ජී.ඩී.ආරියතිලක මහතා ඇතුළු දේශපාලන අධිකාරිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්  සහභාගි වී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.