• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යොවුන් පාර්ලිමේන්තු මංගල සැසිය අද

youth conferenceසිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (25) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභාවේ පිහිටි විශේෂ පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ආරම්භ වීමට නියමිතය.

 මංගල සැසිවාරය අද සහ හෙට (26) යන දෙ දින තුළ පැවැත්වෙන අතර "රජයේ ඉදිරි ආර්ථික කටයුතු සැලසුම් සඳහා තාරුණ්‍යයේ දායකත්වය කෙසේවිය යුතු ද" යන මාතෘකාව එහිදී විවාදයට ගැනීමට නියමිතව ඇත.

සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු පිරිසගේ දිවුරුම්දීම් ද අද සිදු වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.