• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඩ්‍රෝන කැමරා භාවිතයට අදාළ ආචාර ධර්ම හා නීති රිති පිළිබඳව පුහුණු වැඩමුළුවක්

dorner cameraඩ්‍රෝන කැමරා භාවිතා කිරීමේදී අනිවාර්ය වශයෙන් පිළිපැදිය යුතු ආචාර ධර්ම හා නීති රීති පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රමුඛ එම තාක්ෂණය භාවිතා කරන පුද්ගලයින් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් සංවිධානය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

 

ජනමාධ්‍ය, වාණිජමය හා පෞද්ගලික අභිමතාර්ථයන් මත මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඩ්‍රෝන කැමරා, එනම් නියමුවන් රහිත ගුවන් යානා (Unmanned Aerial Vehicles UA Vs) මගින් වීඩියෝ දර්ශන ලබා ගැනීමේ තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ.

ඒ අනුව, මෙම  ඩ්‍රෝන කැමරා මගින් නොයෙක් අවස්ථාවන්  ආවරණය කිරීමට මාධ්‍ය ආයතන හා සමාජ මාධ්‍ය ජාලා විසින් කටයුතු කිරීම වර්ධනය වී ඇති අතර නිර්මාණ කටයුතු, ආපදා අවස්ථාවන් මෙන්ම උත්සව, ප්‍රියසාද වැනි පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා විවිධ පුද්ගලයින් මෙම තාක්ෂණය යොදා ගැනීම ද සුලභ ලෙස දැකිය හැකිය. නව තාක්ෂණයේ ව්‍යාප්තිය මෙන්ම වර්තමානයේ ගුවන් අවකාශය හා සම්බන්ධ ආරක්ෂක සීමාවන් ලිහිල් කර තිබීමද මෙම කැමරා භාවිතය සුලභ වීමට හේතු වී ඇත.

කෙසේ වුවත් මෙවැනි දුරස්ථ පාලක ඔස්සේ මෙහෙයවන යානා මගින් කැමරාකරණයේ යෙදීමේදී  අනිවාර්ය වශයෙන් පිළිපැදිය යුතු නීති රීති මෙන්ම ආරක්ෂා කළ යුතු ආචාර ධර්ම රැසක් වේ. එහෙත් වත්මන් භාවිතය තුළ පෙනී යන්නේ මෙම රෙගුලාසි හෝ ආචාර ධර්ම පිළිපැදීම සම්බන්ධයෙන් වන වෘත්තීය හා පුරවැසි වගකීම හා අවධානය මෙහිදී ගිළිහී ගොස් ඇති බවයි.

එබැවින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ද සහයෝගය සහිතව ඩ්‍රෝන කැමරා භාවිතයට අදාළ ආචාර ධර්ම හා නීති රීති පිළිබඳව ජනමාධ්‍යවේදීන් ඇතුලු මෙම තාක්ෂණය භාවිතා කරන්නන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. 2017 ජනවාරි 31 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිත මෙම වැඩමුළුව න්‍යායික හා තාක්ෂණික වශයෙන් පුහුණු  සැසි දෙකකින් සමන්විත වේ. මෙම පුහුණු වැඩමුළුව සඳහා www.news.lk හා www.dgi.gov.lk යන වෙබ් අඩවි ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇත. මේ සඳහා සීමිත පිරිසක් පමණක් සහභාගි කරගැනීමට අපේක්ෂා කරන බැවින් පළමුව ලියාපදිංචි වන පුහුණු අපේක්ෂකයින් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට අපේක්ෂිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.