• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පාරිභෝගික අධිකාරියේ දඩ ආදායම පසුගිය වසරේ දී ඉහළ වර්ධනයක්

Consumer Affairs.Authorityපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දඩ ආදායම පසුගිය වසරේ දී ලක්ෂ 223 කින් ඉහළ ගොස් ඇත.

පසුගිය වසරේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් රුපියල් ලක්ෂ 902ක දඩ ආදායමක් උපයා ඇතැයි එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහා නව විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමේ උත්සවයට සහභාගී වෙමිනි.

මෙම මුදල උපයාගෙන ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීම් 21,819ක් ඔස්සේය. භාණ්ඩවල සඳහන් ව ඇති මිල වෙනස් කර භාණ්ඩ අලෙවි කිරීම, පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම, පාරිභෝගිකයන් නොමග යවමින් හෝ වංචා සහගත ලෙස භාණ්ඩ අලෙවිය හා සේවා ලබා දීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් මේ වැටලීම් සිදුකර දඩ මුදල් ලබාගෙන ඇත.

තිලකරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ, 2015 වර්ෂයේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය උපයාගත් දඩ ආදායමට වඩා රුපියල් ලක්ෂ 223ක් 2016 වර්ෂයේ දී වැඩිපුර උපයා ඇති බවයි. 2015 වර්ෂයේදී උපයා තිබූ දඩ ආදායම රුපියල් ලක්ෂ 679කි.මෙයට අමතර ව පාරිභෝගිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් 1609ක් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන බව ද සභාපතිවරයා වැඩදුරටත් පැවසීය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව පාරිභෝගිකයන්ට යහපත් වෙළෙඳපොළක් ඇති කිරීම පිණිස අඛණ්ඩ ව මෙවැනි වැටලීම් දියත් කරන බව ද තිලකරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.