• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයට වසර 60ක් සපිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක්

China Sri Lankaශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සහයෝගීතාවයට වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උළෙල ලබන පෙබරවාරී 06 වැනි දි බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, කතානායක කරු ජයසූරිය මහතා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය. චීන ජාතික සංධ්වනි වාදක හා ශ්‍රී ලංකා සංධ්වනි වාදක, චීන සංස්කෘතික ප්‍රසංගයක් ද මෙදින පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයට වසර 60ක් සපිරීම නිමිත්තෙන්  ශ්‍රී ලංකා චීන සංස්කෘතික වැඩසටහන් ගණනාවක් ශ්‍රී ලංකාවේ පැවත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය සඳහන් කරයි.

මෙම චීන නව වසර හා ශ්‍රී ලංකා චීන 60 වන සංවත්සර සැමරීම් උළෙල වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

ඊට සමගාමී සංස්කෘතික වෙළෙඳ ප්‍රදර්ශනයන් ලබන පෙබරවාරී 08 වැනි දා සිට 12 වැනි දා දක්වා සෑම දිනම පස්වරු 6.30 සිට පස්වරු 9.30 දක්වා  කොළඹ ආකේඩ් නිදහස් චතුරස්‍රයේදී (Acade Independence Square) පැවැත්වීමට නියමිතය.  මෙම ප්‍රදර්ශනය මහජනතාවට නොමිලේ විවෘත වන අතර චීන කෑම සහ වෙසක් පහන් කූඩු ප්‍රදර්ශන සහ සංස්කෘතික සංදර්ශයන්ගෙන් සමන්විතය.

තව ද චීන සංගීත, නැටුම්, මැජික් සංදර්ශන ඇතුළු සෞන්දර්ය අංගයන්ගෙන් සමන්විත සංස්කෘතික උළෙලක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. එම සංස්කෘතික උළෙල මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ පෙබරවාරී 13 වැනිදී පැවැත්වෙන අතර පෙබරවාරී 14 වැනි දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ සහ පෙබරවාරී 16 වැනි දා  කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වීමට නියමිතය.

එසේම දෙවැනි වරට පැවැත්වෙන චීන චිත්‍රපට උළෙලක් ජාතික චිත්‍රපට සංස්ථාව සමඟ එක්ව ලබන පෙබරවාරී 16 වැනි දා සිට 21 වැනි දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම දිනයන්වල චිත්‍රපට 8ක් ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර එම චිත්‍රපට පසුගිය වසර දෙක තුළ නිෂ්පාදනය වූ චිත්‍රපට වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.